gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝක ළමා දිනය දා දරුවෙකු දරා ගත නොහැකි වේදනාවක් විඳවලා

දෙල්තොට මැද කැකිල ග්‍රාම නිලධාරි කාර්යාලය පිටුපස පිහිටි නිවෙසක වයස අවුරුදු දොළහක පිරිමි ළමයකුට විසිකැත්තෙන් හා පොලුවලින් පහරදී අතපය කඩා බිඳ දමා නිවෙසේ මුල්ලක දමා තිබියදී ගලහ පොලීස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ සවස සොයා ගෙන ඇත.

ලෝක ළමා දිනය දා මෙසේ වධ හිංසා පමුණුවා ඇත්තේ ඔහුගේ අයියා
සහ අයියාගේ බිරිය විසිනි. පසුගිය කාලය පුරාවටම මෙසේ හිංසා කර ඇති අතර පොලීසියට ලැබුණු තොරතුරක් මත එහි ගිය නිලධාරීන් සිද්ධියට සම්බන්ධ අයියා සහ අයියාගේ බිරිය අත්අඩංගුවට ගෙන ඇත.

කුඩා ළමයකු බෙරිහන්දී අඬන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත එහි ගිය පොලීස් නිලධාරීන්ට දහසක් අඩන්තෙට්ටන්වලට මැදිවූ මෙම දරුවා සොයාගත හැකිවී තිබේ. ඇවිදීමට නොහැකි ලෙස දැව කඳන් කකුල් මත පටවා ඇති අතර අත්පා කඩා දමා ඇති නිසා ඔහුට නැඟිටීමට පවා වාරුවක් නැති අතර ඇඟ පුරාම තුවාල දමා චන්ඩි තිබිණි. නමින් සඳුන් වන මෙම පිරිමි දරුවාගේ පියා මියගොස් ඇති අතර මවද විදේශගතවී ඇත. තුන වසර දක්වා පාසල් ගොස් ඇති මෙම ළමයා කොළඹ ප්‍රදේශයේ කලක් ජිවත් වී අයියා ළඟට පැමිණ ඇත.

අයියාටද කුඩා දරුවන් දෙදෙනෙකු සිටි. ගම්පොළ දිස්ත්‍රික් 2 භාර සහකාර පොලිස් අධිකාරි චන්ද්‍රසිරි ගම්පොළ කොට්ඨාශ වැඩබලන ස්ථානාධිපති පොලීස් පරීක්ෂක කළුආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ මෙහි පරීක්ෂණ කටයුතු සිදුවේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka