gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිංහලයාට ඇතිවන ඉරිසියාව සාධාරණයි..

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

යාපනයේ හින්දු විද්‍යාල හන්දියේ ශිවාජිලිංගම් මන්ත්‍රිතුමා ඇතුළු පිරිස
උද්ඝෝෂණය කරන විට හම්බන්තොට දී වගේම අධිකරණය එතැන උද්ඝෝෂණය කිරීම තහනම් කරලා තිබුණේ.

එහෙ ඉන්නෙත් ශ්‍රී ලංකා පොලීසියම තමයි. දෙමළ ඊලාම් පොලීසිය දැන් එහේ නෑ. නමුත් එහෙ ඉන්න ශ්‍රි ලංකා පොලීසිය පොළු පහර දුන්නේ නෑ.  කන් පැලුවේ නෑ. කඳුළු ගෑස් ගැහුව්වේ නෑ.  අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාරයට දැම්මේ නෑ.

ඒ වෙනුවට උද්ඝෝෂණය මැදට රටේ පළමු පුරවැසියා වන ජනාධිපතිතුමාම ඇවිත් සාකච්ඡා කරන්න පොරොන්දු වෙනවා.  දකුණේ සිංහලයාට එක නීතියකුත් උතුරේ දෙමළාට තව නීතියකුත් ක්‍රියාත්මක වන විට සිංහලයාට දෙමළා ගැන සාධාරණ ඉරිසියාවක් ඇති වෙනවා.

මේ ආණ්ඩුව උතුරට සහ දකුණට හැදි දෙකකින් බෙදීම සිංහල දෙමළ සමගියට එල්ලකරන මරු පහරක්.   ඒක මේ ආණ්ඩුව උදේ ඉඳන් රෑ වන තුරු මතුරන සංහිඳියාවට සිංහල – දෙමළ සමගියට මරු පහරක් කියන එක ආණ්ඩුවට මතක් කරන්න කැමැතියි.

– අරවින්ද අතුකෝරල



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka