gossip lanka

බිරිඳ හා දරුවන්ට පහරදී එළවා සැමියා නිවසේ ගෙල වැලලාගෙන

අධික ලෙස බීමත්ව තම නිවෙසට පැමිණි 36 වියෑති අයකු බිරිඳ හා දරුවන් නිවසින් එළවා දමා නිවසේ ගෙල වැලලාගෙන දිවි නසාගෙන ඇති බවට හෙම්මාතගම පොලිසිය පැවැසීය.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ හෙම්මාතගම තඹවිට පදිංචිව සිටි ප්‍රියන්ත උදය කුමාර නම් සිව්දරු පියෙකි.

දිගු කාලයක සිට බීමට ඇබ්බැහිවී සිටි ඔහු බිරිඳ හා දරුවන් සමග නිතර නිතර රණ්‌ඩු සරුවල් කරන අයකු බවද
ප්‍රදේශවාසීහු පැවැසූහ. රණ්‌ඩුවීම පුරුද්දක්‌ වශයෙන් කරගෙන සිටි ඔහු බීමත්ව පැමිණ නිවසේ සිටි අය සමග කළ කෝලාහල කර ඔවුන් නිවසින් එළියට පන්නා දමා මෙසේ ගෙල සිරකරගෙන එල්ලී සිටි බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධව හෙම්මාතගම පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති අශෝක බණ්‌ඩාර මහතා සමග පොලිස්‌ සැරයන් (45695) ටෙනිසන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි. මෘත ශරීරය දැනට මාවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.




gossip lanka