gossip lanka

පාර්ලිමේන්තුවේ විශේෂ පරික්ෂාවක් - කැබිනට් ඇමතිවරුන්ගේ කාමරත් පීරයි

පාර්ලිමේන්තුව අද විශේෂ පරික්ෂාවකට ලක් කිරීමට නියමිතයි.

ඒ පාර්ලිමේන්තුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් හෙට පැවත්වෙන විශේෂ සභා රැස්වීමේ ආරක්ෂාව සඳහායි.

ඒ යටතේ කැබිනට් අමාත්‍යවරුන්ට හිමි කාමර ඇතුලූ සෙසු කාර්යාල පූර්ණ පරීක්ෂාවකට ලක් කරනු ඇති.

එමෙන්ම විශේෂ සභා රැස්වීම පැවත්වෙන හෙට දිනයේදි සාමාන්‍ය
ජනතාවට මහජන ගැලරියට පැමිණීමට නොහැකි අතර, එය විවෘත වන්නේ විශේෂ  අමුත්තන්ට පමණයි.



gossip lanka