gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාහනවල තොරතුරු ඇතුළත් ටැග් එකක්‌ !

රථ වාහනවල තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක්‌ (ටැග් එකක්‌) මෝටර් රථ කොමසාරිස්‌ දෙපාර්තමේන්තුව අලුතෙන් හඳුන්වා දෙන බවත් ඊට වාහන හිමියන් අනියත බියක්‌ ඇතිකර නොගත යුතු බවත් මෝටර් රථ කොමසාරිස්‌ ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.

මේ වන විට ලියාපදිංචි කළ සියලු වාහනවල වර්ගය, හිමිකරු, එන්ජින්
ධාරිතාවය, එන්ජින් අංකය ඇතුළු තොරුතුරු ඇතුළත් ලිපිගොනු දෙපාර්තමේන්තුව සතුව පවතින බවද ඒ මහතා පැවසීය.

තම දෙපාර්තමේන්තුව විසින් රථ වාහනවල තොරුතුරු ඇතුළත් දත්ත පද්ධතියක්‌ (ටැග් එකක්‌) නවීන තාක්‍ෂණය උපයෝගි කරගෙන සකස්‌ කර එය වාහනයක නම් ඉදිරිපස වීදුරුවේද, යතුරුපැදියක නම් ප්‍රධාන විදුලි ලාම්පුවේද සවිකරන බව හෙතෙම කීය.

මෙම නවීන තාක්‍ෂණික දත්ත පද්ධතියට ඇතුළත් කරන දත්ත උපයෝගි කරගෙන රථවාහන වැරැද්දක්‌, මාර්ග තදබදයක්‌ පවතින ස්‌ථාන ඇතුළු වැදගත් තොරතුරු රැසක්‌ ක්‍ෂණිකව දැන ගැනීමට අදාළ ආයතවලට හැකියාව පවතින බවද හෙතෙම කීය.

ලෝකයේ බොහෝ රටවල භාවිත කරන මෙම ක්‍රමය මෙරටට හඳුන්වාදීමට කටයුතු කරන බවද එම පහසුකම ලබාදෙන ලෙස පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොළඹ නගර සභාව ඉල්ලා තිබෙන බවද චන්ද්‍රසිරි මහතා කීය.

ගලවන්න ගියොත් කුඩු :

වාහනයේ අලවන ටැග් උපකරණයට අදාළ අංකය එම වාහනයට පමණක්‌ සීමාවන බවත් එය ගලවා ඉවත් කිරීමට උත්සහ කරනු ලැබුවහොත් එය කැබලි වී යන ආකාරයට නිපදවා ඇති බවත් ඒ මහතා කීය.

විශේෂයෙන්ම වාහනයේ අලවා ඇති දත්ත පද්ධතිය කියවීමේ හැකියාව ඇති උපකරණ මාර්ගයේ රාජකාරි කරන පොලිස්‌ නිලධාරීන්ට ලබාදීමට අදහස්‌ කර තිබෙන බවත් එය පදනම් කරගෙන වාහන අනතුරකදී හෝ වාහන වැරදිවලදී නිශ්චිත වාහනයේ රියෑදුරු හෝ හිමිකරු සම්බන්ධයෙන් තොරතුරු එම අවස්‌ථාවේම දැනගෙන නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව මින් පොලිසියට ලැබෙන බවත් ඔහු කීය.

- දිවයින



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka