gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එලව එලවා පහරදීම නවතන්න! ඒකාබද්ධය ජනපතිගෙන් ඉල්ලයි

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට මැදිහත් වන ලෙස ඒකාබද්ධ විපක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(22) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ “ එජාපයේ පොලිස් රාජ්‍ය
සංකල්පය යටතේ මේ රටේ කිසිවෙකුටත් සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ හරින ලෙසත්, සාක්ෂිකරුවන්ට සහ රාජ්‍ය විවේචනය කරන පිරිස්වලට මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එලව එලවා පහරදීම නතර කර දෙන ලෙසත්, ඒ සඳහා විධායක ජනාධිපතිවරයා ලෙස මැදිහත් විය යුතු බවත්ය.“

එමෙන්ම මේ සම්බන්ධයෙන් “  ඕනෑකමින් වර්තමාන ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ව්‍යවස්ථාදායකගේ සාමාජිකයින්ට වෛරයෙන් එලව එලවා පහරදෙන යුගයක් කවදාවකත් තිබිලා නැහැ. ඉතිහාසයේ භීෂණ නරකම මිලේජ්චම යුගය තමයි අසූ ගණන් වල. ඒත් මහජන නියෝජිතයින් මෙවැනි තර්ජන කළේ නැහැ. ඒ නිසා ජනාධිපතිතුමා මැදිහත්වෙලා මේ සෙල්ලම නවත්වන්න.“ යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka