gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා පිල පකිස්තානයටත් 5-0 අන්ත පරාජයක

පකිස්ථානය සමග පැවති 5වන එක්දින ක්‍රිකට් තරගයේදීත් ශ්‍රී ලංකාව අන්ත පරාජයකට ලක්විය.ඒ, අනුව ශ්‍රී ලංකාව පකිස්ථානයට එරෙහිව පැවති එක්දින තරග 5ම පරාජයට පත්විය.
ශ්‍රී ලංකාව අඛණ්ඩව ලැබූ 12වෙනි එක්දින ක්‍රිකට් තරග පරාජය ද මෙය වේ.
සාජා ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී
ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ, අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කරමින් පන්දුවෙන් දස්කම් දැක්වීම පකිස්ථාන පන්දු යවන්නෝ සමත් වූහ.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 20ක් තුළ දැවී ගියේය.

ඒ, අනුව කඩුලු මෙසේ දැවී ගියේය. (1/1, 1/2, 8/3, 8/4, 20/5)සදීර සමරවික්‍රම 0 දිනේෂ් චන්දිමාල් 0 උපුල් තරංග 8 නිරෝෂන් දික්වැල්ල 0 මිලින්ද සිරිවර්ධන 6
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දුර්වල පිතිකරණ රටාව මුළු ඉනිම පුරාවටම ඊයේ දක්නට ලැබුණි.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ තිසර පෙරේරා ලබාගත් ලකුණු ගණන 25කි.
පකිස්ථාන වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ උස්මාන් ඛාන් පන්දුවාර 7කදී ලකුණු 34කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.
23 හැවිරිදි උස්මාන් ඛාන්ගේ දෙවන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය මෙය වීම ද විශේෂත්වයකි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20යි පන්දු 2ක් තුළ කඩුලු 1ක් පමණක් දැවී ජය ලබා ගැනීමට සමත් විය.දිගින් දිගටම තරග පරාජයට පත්වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගාවලිය තරග 3ට 2 ක් ලෙස ත් ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලිය තරග 5ට 0ක් ලෙසත් පරාජයට පත්විය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka