gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සනත් ජයයූරිය ICC දූෂණ විරෝධී ඒකකය හමුවට

ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයට ප්‍රකාශයක් ලබාදීම සඳහා ඩුබායි වෙත ගොස් ඇතැයි වාර්තා වේ. ඒ සඳහා ඔහුගේ නීතිඥයාද එක්ව සිටින බවද සඳහන් වෙයි.

මීට දින කිහිපයට පෙරාතුව ප්‍රමෝද්‍ය වීරසිංහ මහතා තරග පාවාදීම් පිළිබඳ
සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා සනත්ට කැඳවීමක් ලැබී ඇති බව කියවෙයි.

සනත් ජයසූරිය සමග ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුද වන ප්‍රමෝද්‍ය 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක්ද වෙයි.

ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති එක්දින තරගාවලිය පිළිබඳ මතභේදාත්මක කරුණු ඉදිරිපත් කළේය. ඔහු සඳහන් කළේ තීරණාත්මක තරගයකදී ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදීමේ පිළිවෙළ වෙනස් කළ බවත්, මාලිංගට පන්දු යැවීමට නොදීමද ගැටලුවක් බවත්ය.

මීට දින කිහිපයට පෙරාතුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ දූෂණ විරෝධී පරීක්ෂණයක් අරම්භ කළේය.

මෙහිදී ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලිද සිල්වා හා ලේකම් මොහාන්ද සිල්වා යන අයගෙන් ප්‍රකශ ලබාගැනීමට අයි.සී.සී. දූෂණ විරෝධී ඒකකය කටයුතු කර ඇති බවද වාර්තාවෙයි.

- lankafocusnews



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka