gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රා මැදීම සඳහා සුරාබදු බලපත්‍ර අනිවාර්ය වේ.

පොල් හා තල්ගස්වලින් රා මැදීම සඳහා මින් මතුවට බලපත්‍රයක් ලබාගත යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් සුරාබදු ආඥා පනතේ 15 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව, පොල් ගස් හා තල් ගස් වලින් රා මැදීමට හෝ රා බෑමට සුරාබදු
දෙපාර්තමේන්තුවෙන් හෝ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කර තිබේ.

එහෙත් කිතුල් ගස්වලින් රා මැදීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය නොවේ.

සුරාබදු ආඥා පනත යටතේ රා මැදීම සඳහා බලපත්‍ර ලබාගැනීම මීට පෙර අනිවාර්ය කර තිබූ නමුදු රා මැදීම සඳහා බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයක් නොවන පරිදි 2013 වසරේදී මෙම පනත සංශෝධනය කරන ලදී.

මේ හේතුවෙන් මද්‍යසාර නිපදවීම සඳහා ස්කාගාර වෙත ලැබෙන රා ප්‍රමාණය පිළිබඳ ගණනය කර බැලීමට සුරාබදු දෙපාර්තමේන්තුව සතුව ක්‍රමවේදයක් නොතිබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ පවත්නා ස්කාගාර හරහා ලැබිය යුතු සුරාබදු ආදායම පිළිබඳව නිශ්චිතව අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් නොතිබූ හෙයින් රජයට ලැබිය යුතු සුරාබදු ආදායම නිසිලෙස තහවුරු කර ගැනීම අපහසු විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka