gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධිකරණයට අපහාස කළ රංජන්ට නොතීසි

අධිකරණයට අපහාසයට කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ඔක්තෝබර් මස 25 වන දින උසාවියේ පෙනී සිටිමට නොතීසි නිකුත් කර තිබේ.

අද(12) දින බුවනෙක අලුවිහාරේ ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල
විනිසුරුවන් විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් හා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු විසින් ඉදිරිපත් කරනු ලැබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹ තිබේ.

පසුගිය අගෝස්තු 21 මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් මෙරට බහුතරයක් නීතිඥයින් දූෂිතයින් බවට ප්‍රකාශ කළ බවත්, පාර්ලිමේන්තු නියෝජිතයෙකු මෙවැනි ප්‍රකාශයක් තුළින් මහජනායට නීතිය සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳ වැටීමට ඉඩ ඇති බවත්, ඒ තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව ද පෙත්සම්කරුවන් සඳහන් කර ඇත.

අදාළ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව මෙලෙස නොතීසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka