gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාෆියාව බිඳ දමා ඖෂධ මිල පාලනයට වසරක් සැපිරෙයි.!

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින්, ඖෂධ මාෆියාව බිඳ දමා, ඖෂධ මිල පාලනය වෙනුවෙන් වත්මන් රජය ක්‍රියාත්මක වී ඊයේ (22) දිනට වසරක් සපිරෙයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ තීරණයකට අනුව රෝගී ජනතාව වැඩි වශයෙන් භාවිත කරන දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය, හෘද රෝග සහ
ප්‍රතිජීවක ඖෂධ වර්ග 48 ක මිල අඩු කර තිබේ. විවිධ  වෙළෙද නාම අනුව ගත් විට එම ඖෂධ වර්ග 300 කටත් අධික ප්‍රමාණයක වේ.

හෘද රෝගීන් සඳහා ස්ටෙන්ස් මිල අඩු කිරීම, අක්ෂි කාච මිල අඩු කිරීම ඇතුලු සහන රැසක් ජනතාව වෙත ලබා දීමට අමාත්‍යවරයා කටයුතු කර ඇති අතර ඉදිරියේ දී පිළිකා වැනි රෝග සඳහා භාවිත කරන  අධික මිලක් ගෙවන ඖෂධ වල මිල අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

නිදහස් සෞඛ්‍ය සේවාව අකුරටම ක්‍රියාත්මක කිරීම තම අරමුණු බව ප්‍රකාශ කරන සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඖෂධ මාෆියාව සමග සටන් කිරීමේ දී විවිධ බලපෑම් ද එල්ල වූ බවයි. ඖෂධ සමාගම් සහ දෙස් විදෙස් තානාපති කාර්යාල විසින් එම බලපෑම් එල්ල කෙරුණි. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ දී ඖෂධ කර්මාන්තකරුවන්ගේ වාණිජ මණ්ඩලය, පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය සහ කුඩා පරිමාන ඖෂධ ආනයනකරුවන් විශාල සහයෝගයක් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග වල මිල අඩු කිරීමෙන් දිළිදු ජනතාව සහ විශ්‍රාමිකයින්ට විශාල සහනයක් ලැබන අතර, ඔවුන් වෛද්‍ය වට්ටෝරුවට අනුව ඖෂධ ලබාගැනීමට ද පෙළඹී ඇත. චීන රජය විසින් ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලබාදීමට නියමිතය. එම පර්යේෂණාගාරය ලැබුනු පසු ඖෂධ වෙළෙද නාමයෙන් රෝගීන්ට බෙහෙත් ලිවීම තහනම් කර  ඖෂධීය නාමයෙන් පමණක් බෙහෙත් වට්ටෝරු ලිවීම ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ 2019 වර්ෂය අවසන් වන විට මෙරටදීම නිෂ්පාදනය කිරීමට ද වැඩපිළිවෙළක් දියත් කර ඇත. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග ඒකාබද්ධව දෙස් විදෙස් සමාගම් 38 ක් සමග ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ. ඒ අනුව කර්මාන්ත ශාලා දෙකක් හොරණ සහ මහනුවර ප්‍රදේශවල ස්ථාපිත කර මේ වනවිට ඖෂධ නිෂ්පාදනය ආරම්භ වී තිබේ.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අනුව රෝගීන්ට ලබා දී ඇති සහනය කිසියම් පුද්ගලයෙකු හෝ ෆාමසියක් විසින් උල්ලංඝණය කරන්නේ නම් ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 132 වගන්තියට අනුව නීතිමය පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka