gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද සිට වැසි වැඩිවේ

දිවයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය වර්ධනවීම හේතුවෙන් අද සිට ඉදිරි දින කිහිපයේදී තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වල මෙන්ම අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ද මිලිමීටර් 100 ඉක්මවූ තදවැසි ඇතිවිය
හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එමෙන්ම දිවයිනේ පළාත් කිහිපයක ම උදය කාලයේ මීදුම් තත්වයක් ද දක්නට ලැබෙනු ඇති බව ඔවුන් සඳහන් කරයි.

රත්නපුරය, මහනුවර, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී පැනවූ නායයෑමේ අවදානම අද පස්වරු 8.30 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය පැය 24 තුළ ලැබුණු මිලිමීටර් 75 ඉක්මවූ වර්ෂාපතන නිසා මෙම නායයෑම් අවදානම් නිවේදනය දීර්ඝ කළ බව සඳහන් වන අතර නායයෑම්, බෑවුම් කඩාවැටීම්, පස් කණ්ඩි කඩාවැටීම්,  පොළව ගිලාබැසීම් පිළිබඳව අවදානයෙන් පසුවන ලෙස එම ආයතනය අවදානම් දිස්ත්‍රික්කවල ජනතාවගෙන් ඉල්ලා සිටී.

- රංජිත් නිශාන්ත



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka