gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගර්භණී ගුරුවරියන්ට විනයානූකූල ගවුමක්

ගර්භණී ගුරුවරියන් සඳහා පාසල් හැඳීමට යෝග්‍ය විනයානුකූල ගවුමක් හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.

ඒ අනුව, ඊට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදු කර ඇති අතර,අදාළ ගවුමේ මෝස්තරයද ඇතුළත් චක්‍රලේඛය ඉදිරි දිනකදී නිකුත් කිරීමට නියමිත
බවද පැවසේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ සාරිය හැඳීමට සිදු වීම හේතුවෙන් ගර්භිණී ගුරුවරියන් කායික වශයෙන් යම් අපහසුතාවන්ට ලක්වන බැවින් ඒ සඳහා සුදුසු ඇඳුමක් හඳුන්වාදීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි.

රැකියාවේ නියුතු සෑම ගර්භිණී කාන්තාවක්ම යෝග්‍ය සැහැල්ලු ඇඳුමකින් සැරසුණද ගර්භිණී ගුරු මාතාවන්ට පාසල තුළදී එවැනි ඇඳුමක් හැඳීමට අවස්ථාව නොලැබීම කනගාටුවට කරුණක් බවත්, ඒ අනුව, අදාළ ඇඳුම කඩිනමින් හඳුන්වාදීමට කටයුතු සකස් කරන ලෙසත් අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka