gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුසල්ගෙත් ෆිට්නස් ෆේල් - ලාහෝර් ගමන සිහිනයක් වෙයිද..? දනුෂ්කගේ තරඟ තහනමත් ලිහිල් කරලා. පාකිස්තාන සංචාරයට වෙන දේ මෙන්න.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල පාකිස්තානු සංචාරය සඳහා සහභාගී කරවීමට නම ගිය ක්‍රීඩකයින් සොයන බව දැනගන්නට ලැබෙනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ නායකත්වයට පත්කිරීමට නියමිතව සිටි ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඊයේ (18) ශාරීරික යෝග්‍යතා
පරීක්ෂණයකට පෙනී සිටියා. එහිදී පැවති දිවීමේ පරීක්ෂණයකින් කුසල් අසමත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම පාකිස්තාන තරඟයට සහභාගී වීම සඳහා දනුෂ්ක ගුණතිලකට පනවා තිබූ තරඟ හයක තහනම තරඟ තුනක් දක්වාද ලිහිල් කර තිබෙනවා.

පාකිස්තාන සංචාරය ප්‍රතික්ෂේප කරන බව උපුල් තරංග ඇතුලු ක්‍රීඩකයින් 30 කට අධික ප්‍රමාණයක් ලිඛිතව දැන්වීමත් සමඟ මෙම ගැටළුවට මුහුණ පා තිබෙනවා. ඒ වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ආදේශක  විස්සයි විස්ස කණ්ඩායමක් නිර්මාණය කරන බවයි වාර්තා වෙන්නේ.

තිසර පෙරේරා මෙම කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කිරීමට කටයුතු යොදා ඇති බවත්, කුසල් ජනිත් මෙම තරඟයට සහභාගී නොවුනහොත් මෙම තරඟයේ නායකයා ලෙස තිසර ‍පෙරේරා කටයුතු කරන බවත් වාර්තා වෙනවා.

විවාදයට තුඩුව තිබෙන මෙම තරඟාවලිය මේ මස 29 වෙනිදා ලාහෝර් නුවරදී පැවැත්වෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka