gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෑගල්ලෙන් මතුවූ ඇරුම පුදුම පෘතුග්‍රීසි බලකොටුව -(video)

මෙතෙක් තොරතුරු අනාවරණ කර නොගත් පෘතුග්‍රීසි බලකොටුවක් කෑගල්ලෙන් සොයා ගැනීමට පුරාවිද්‍යා බලධාරීන් සමත්ව තිබේ..

මෙම බලකොටුව පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීම සඳහා පුරාවිද්‍යා බලධාරීන් ඊයේ (17) එම ප‍්‍රදේශයට ගිය අවස්ථාවේදී ඒ පිළිබඳව තවත් කරුණු රැසක් අනාවරණය කරගෙන ඇත.

දෙහිඕවිට, පනාවල මඩගම්මන ප‍්‍රදේශයේ  කැළෑබදව පිහිටා ඇති මෙම බලකොටුව ක්‍රි.ව 1515 ත් 1540 ත් අතර කාලය තුළ සීතාවක ආක‍්‍රමණයෙන් පසුව ඉදිකරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මෙම බලකොටුව නිර්මාණය කර ඇත්තේ පැති 3 ක් පමණක් ආවරණ වන ලෙස බැවින් සබරගමුවට පිවිසීමේ පහසුව අරඹයා මෙය ඉදිකර ඇති බවට අනුමාන කරයි.

මෙරට ඇති සියලූ පෘතුග්‍රීසි බලකොටු පසුව  ඕලන්ද සහ ඉංගී‍්‍රසි ජාතිකයන් විසින් භාවිතයට ගනු ලැබ ඇත.එබැවින් ඒවායෙහි පෘතුගීසි ලක්‍ෂණ වෙනස් වූ නමුත් අලුතින් සොයාගත් බලකොටුවේ පෘතුග්‍රීසි ලක්‍ෂණ කිසිවක් නොවෙනස්ව ඇති බැවින් එය භාවිත කර නොමැති බව පුරා විද්‍යා බලධාරීන් පවසයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල සඳහන් කළේ මෙම ස්ථානය ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් බවට හදුනාගත හැකි ලක්ෂණද ඇති බවයි.

මෙම බලකොටුව පිළිබඳ ඉතිහාසයේ තොරතුරු තිබුණද එය මෙතෙක් සොයා ගැනීමට නොහැකි විය.. ඝණ කැළෑවකින් වැසුනු මෙම බලකොටුව සොයාගැනීමට හැකි වූෙය්  ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගය හේතුවෙන් බවද ඔහු මෙහිදී ප‍්‍රකාශ කෙෙළ්ය.

ඓතිහාසික වටිනාකමින් යුත් මෙම බලකොටුව ආරක්‍ෂා කර ගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය.

- නෙත් නිවුස්

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka