gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වසර දොළොස්දාහකට එහා ජීවත්වූ අයෙක් මතු වෙයි ! (photos)

දුෂ්කර ගම්මානයක් වන කොන්ග්‍රාම් කුලම් ගම්මානයේ වසර 12,000 කට එහා ජීවත් වූ මානවයාගේ බවට අනුමාන කෙරෙන වැදගත් සාක්ෂි රැසක් හමුවී ඇත.

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂයභාර කථිකාචාර්ය පූජ්‍ය ගල්වැවේ විමලඛිත්ති හිමියන් කියා සිටියේ වව්නියාව
සෙට්ටිකුලම් ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොන්ග්‍රාම් කුලම් ගම්මානයෙන් මෙම සාක්ෂි මතු වූ බවයි.

අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා කැනීම් අංශයේ හිමිවරුන් පිරිසක් විසින් මෙම විශේෂ කැනීම් කටයුතු සිදු කරයි.

කැණීම් සිදු කරමින් සිටියදී පැරණි සෙල්ලිපි 07 ක්, චෛත්‍ය, ප්‍රතිමාඝර, බෝධි මණ්ඩප මෙන්ම බුදුපිළිම වහන්සේලාගේ නටබුන් රැසක් සොයා ගැනීමට හැකිවී ඇත.

එහි එක් සෙල්ලිපියක සඳහන් වන්නේ "බත ගිරි තිසහ ලෙනේ" යනුවෙන් බවත් එයින් කියවෙන්නේ "ආයුෂ්මත් ගිරිතිස්ස තෙරුන් වහන්සේගේ ලෙන" ලෙස බවත් කැනීම් සිදුකළ හිමිවරුන් පෙන්වා දෙයි.

මේ වන තුරුත් කිසිවෙකුගේ අවධානයට යොමු නොවූ මෙම ස්ථානය උතුරු පළාතේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජනාවාසයක වැදගත් තොරතුරු රැසක් පිළිබඳව සාක්ෂි සොයාගත් විශේෂම කැනීම් කටයුත්තක් බව පූජ්‍ය ගල්වැවේ විමලකඛිත්ති හිමියන් කියා සිටී.

එමෙන්ම මෙම කැනීම්වලින් වසර 12,000 කට එහා සිටි බවට සැකකෙරෙන මානව අස්ථි දෙකක්, පැරැණි මානවයා භාවිත කළ බවට විශ්වාස කෙරෙන සත්ව අස්ථි ආයුධ, ගල් ආයුධ, යකඩ භාවිත යුගයට පෙර බාවිතා කළ කහඳ වැනි දේ සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් නියම කාල නිර්නයක් ලබා ගෙන දෙසැම්බර් මස වන විට අවසන් වාර්ථාව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ගල්වැවේ විමලඛිත්ති හිමියන් වැඩි දුරටත් පවසා සිටී.

(කැණීම් තුළින් හඳුනාගත් දේ පහතින් දැක්වෙයි)

ප්‍රාග් ඓතිහාසික මානවයින් ලෙනේ ඇඳ ඇති සත්ත්ව රූපයක්
එදා බාවිත කල අඟුරු විශේෂයක්
වසර දහස් ගණනක් පැරණි සත්ව අස්ථි කොටස් 
විනාශ වු කිරි ගරුඩ බුදුපිළිමය කොටස් 
සෙල්ලිපි

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka