gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බදුල්ලේ පවුල් 29,160 ක් නායයෑමේ අවදානමක

බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 29,160 ක් නායයෑම් අවදානමට ලක්ව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, මෙම අවදානම ගැන ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවයි.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නායයෑම් අවදානමේ නවතම දත්ත
ඇතුළත් සිතියම් බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරිය වෙත බාර දීමෙන් අනතුරුව ගාමිණී ජයතිස්ස මහතා මෙම අදහස් පළ කළේය.

අධි අවදානම් හා මධ්‍ය අවදානම් සහිත යනුවෙන් මෙම ජනතාව ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වා ඇති බවත් ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව බිය විය යුතු නොවන අතර දැනටමත් නායයෑම් අවම කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ද ඔහු කියා සිටියේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka