gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උල්කාශ්මියේ කොටසක් හමුවෙයි

දකුණේ ප්‍රදේශ ගණනාවකට විශාල ශබ්දයක් මෙන්ම විශාල එළියක් නංවමින් පුපුරාගිය උල්කාශ්මියේ කොටසක් පිළිබඳව දික්වැල්ල පොලිස්වසමෙන් වාර්තාවෙයි.

එම උල්කාශ්මයේ කොටසක් වලස්ගල ප්‍රදේශයේ නිවසක වහලය මත ඇතැයි යන තොරතුරු මත ආගන්තුක පාෂාණ කොටසක් පිළිබඳව
විමර්ශන ආරම්භ කිරීමට ආතර් සි ක්ලාක් මධ්‍යස්ථානයේ නියෝජිතයන් පිරිසක් මේ වනවිට එම ප්‍රදේශයට ලඟාවෙමින් සිටින බවද වාර්තාවේ.

මෙම සිදුවීමට අදාළ නිවසට මේ වනවිට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බවත් එම නිවසේ හිමිකරු ප්‍රාදේශීය මාධ්‍යවේදියකු බවද දික්වැල්ල පොලිසිය පවසයි.

මේ මොහොත වනවිට මාතර ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පිරිසක්ද එහි ලඟා වෙමින් සිටින බවත් භූ විද්‍යා හා පතල් කැනීම් ආයතනය ඇතුළු විවිධ ආයතන ගණනාවක නියෝජිතයන්ද එම ප්‍රදේශය බලා ගමන් කරන බවද පැවසේ.

මෙම සිද්ධිය සිදුවූ 18 දින රාත්‍රී කාලයේ නිවසේ වහලය මතට යමක් වැටෙන ශබ්දයක් නිවසේ හිමිකරුට ඇසුණු බවත් අද 21 පෙරවරුවේ නිවසේ වහලයට නැග පරීක්ෂා කිරීමේදී වහලයමත තිබු මෙම අඟල් එකහමාරක පමණ පාෂාණ කොටස හමුවී ඇති බවත් පැවසේ.

ඉතා තද එම පාෂාණ කැබැල්ල අඟල් දෙකක් පමණ පළල වන අතර එම පාෂාණ විශේෂය පසුගිය 18 වැනි දා රාත්‍රී දකුණු පළාතේ අහස ගිඟුම් දෙමින් පිපිරි ගිය උල්කාෂ්මියේ කොටස් විය හැකි බව ප්‍රදේශවාසිහු විශ්වාස කරති.

එම පිපිරීමත් සමග තම වාහළයට වැලි වැනි යමක් වැටුණු ශබ්දය දැණුනු බව නිවසේ හිමිකරුවා ප්‍රකාශකර ඇත. ඒ පිළිබඳ විපරම් කිරීමේදී හඳුනා ගත නොහැකි මෙම පාෂණය වහළය මත තිබී හමු වි ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka