gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදේශ සේවා නියුක්තිකයන් රටට එවන මුදල් අර්බුදයක

මැදපෙරදිග කලාපයේ පවතින අහිතකර ආර්ථික හා භූ දේශපාලනික තත්ත්වය මේ වන විට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මත තවදුරටත් අහිතකර බලපෑමක් ඇති කර තිබෙනවා.

2017 වසරේ අගෝස්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, 2016 වසරේ අගෝස්තු මාසයේදී වාර්තා වූ අමෙරිකානු ඩොලර්
මිලියන 618.3 හා සැසදීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 556.6 ක් දක්වා සියයට 10.0කින් අඩු වී තිබෙනවා.

තවද 2017 වසරේ පළමු මාස 08 තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල සමුච්චිත ලැබීම්ද 2016 වසරේ අනුරූප කාලපරිච්චේදයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 4503.3ක් දක්වා සියයට 6.3කින් අඩු වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳ  කළ විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ සඳහන් කළේ රුපියලේ බාල්දුවීමත් සමග බොහෝ විදෙස් ගත ශ්‍රමිකයින් සිය වැටුප් ලංකාවට යොමු නොකර සිය රට තුළ තබා ගැනීමට කටයුතු කර ඇති බවයි.

එමෙන්ම මැදපෙරදිග කලාපයේ බොහෝ රැකියා අවස්ථා අඩුවෙමින් යන බවද ඔහු පෙන්වා දුන්නා. ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මැදපෙරදිග කලාපයේ දේශපාලනික හැසිරීම් රටාව සහ ආර්ථික තත්ත්වයයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka