gossip lanka

මුහුණු පොතේ සටහනක් තබා ඇයත් අවසන් ගමන් යයි

තරුණ හදවත්වල ආදරය දිනාගත්තු ජනප්‍රිය නළුවෙක් වුණු දසුන් නිශාන්ගේ වෙන්ව යාම ගැන තාමත් හැමතැනම වගේ කතාවෙනවා.
ඒ අකාලයේ වටිනා ජීවිතයක් නැතිකර ගැනීම නිසා.  ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ගන්න මේ තීරණ කිසිම වෙලාවක සාධාරණීකරණය කරන්න බැහැ. අවුරුදු ගාණක් දුක් මහන්සිවෙලා දරුවෙක්ව අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් උස්මහත් කරන්නේ දහසකුත් බලාපොරොත්තු හිත දරාගෙන.

දසුන්ගේ මරණයේ උණුසුම යන්නත් කළින්ම තවත් තරුණියක් ජීවිතය නැතිකර ගත්තු අවාසනාවන්ත සිද්ධියක් ගැන අපිට අහන්න ලැබුණා.
ඇය නිශාදි කැකුලවල.

මාලඹේ පදිංචි නිශාදි පුද්ගලික ආයතනයක සේවය කර පසුව ඡායාරූපකරණය පිළිබඳව අධ්‍යාපනය හදාරමින් සිට තිබෙනවා. නිශාදි ගෙලවැලලාගෙන සියදිවි හානිකර ගැනීමට පෙර සිය මුහුණුපොතේ ඡායාරූපයක් සමඟ සියල්ල අවසන්ව යන තැනකි යනුවෙන් සටහනක් තබා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සියදිවි නසාගැනීමට හේතුව කුමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර ඇයගේ මිතුරියක් අප සමඟ පැවසුවේ ආදර සම්බන්ධයක්ද ඇයට තිබුණු බවයි. ඇය මියයනවිට 31 හැවිරිදි වියේ පසුවුණා.  නිශාදිගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිත බවයි අපට වාර්තා වුණේ. මොන ප්‍රශ්න ජීවිතේට ආවත් ඒවට ඉක්මන් විසඳුමක් විදිහට තමන්ගේ වටිනා ජීවිතේ නැතිකරගන්න එක කිසිම වෙලාවක අනුමත කරන්න බැහැ.

අද මේ ජීවිත නැතිකරන්න එක රැල්ලක් වෙලා. හුඟක් අයට මේ විසඳුම සාමාන්‍යයි.  ඉතිං රටට වටින තරුණ ජීවිත මේ විදිහට නැතිවෙලා යන එකට හේතුව මොකක්ද..? කොහොම වුණත් අපිට කියන්න තියෙන්නේ තමන්ට ලැබුණු වටිනා ජීවිතේ පරස්සම් කරගෙන ප්‍රශ්නවලට මුහුණදීලා ඉදිරියට යන්න හැඟීමෙන් තීරණ නොගෙන බුද්ධියෙන් තීරණ ගන්න කියලයි.

නිශාදිගේ වෙන්ව යාම ගැන මිතුරන් මුහුණුපොතේ දැමූ සටහන් පහතින්…
gossip lanka