gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පංති ගිය සිසුවිය මහමඟදී තරුණයින් දෙදෙනෙක් උස්සලා

උපකාරක පංති ගිය පාසල් සිසුවියක් තරුණයන් දෙදෙනෙකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි තිස්සමහාරාමයෙන් වාර්තා වනවා.

දෙබරවැව ජාතික පාසලේ උසස් පෙළ හදාරන භාග්‍යා සඳනි නමැති මෙම සිසුවිය තිස්සමහාරාමයේ තිබෙන උපකාරක පංතියකට සහභාගී වී යහළු
යෙහෙළියන් සමග වීරවිල නගරයට ගිය අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි සඳහන්.

එම පවුලේ දියණියන් තුන් දෙනෙකු සිටින අතර මෙසේ පැහැරගෙන ඇත්තේ මද්දුම දියණියයි.

අවුරුදු 16 වයසැති මෙම දැරියගේ පියා වන්නේ ගාමිණී ජයතිලකයි.

ඔහු කියා සිටින්නේ දියණිය ඇසුරු කළ එම වයස් මට්ටමේ යහළුවන්ගේ සැලසුමක් මත මෙම පහර ගැනීම සිදු වූ බවට සැක කරන බවයි.

තිස්සමහාරාම, හැළඹගස්වැව පදිංචි මෙම සිසුවිය මෙසේ පැහැරගෙන ගොස් දැනට මාසයකට අධික කාලයක් ගත වනවා.

පසුගිය ජුලි 29 වනදා මෙම පැහැරගැනීම සිදු වූ බවටයි වීරවිල පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

ඇයගේ පියා පවසන්නේ මෙය ප්‍රේම සම්බන්ධයක් මුල් කරගනිමින් සිදු වූ පැහැර ගැනීමක් බවයි.

එමෙන්ම සිය දියණියගේ කැමැත්ත ඉල්ලමින් පැමිණි එම ප්‍රදේශයේ තරුණයෙකුද මේවන විට සැඟව ඇති බවද පියා ප්‍රකාශ කරනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka