gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ පවුලක පස් දෙනෙක් සාජා නුවරදී තට්ටු හතකින් බිමට පනියි!

ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින් පස්දෙනෙකු සාජාහීදී පසුගියදා සියදිවි හානි කර ගැනීමට තැත් කොට ඇතැයි එරට මාධ්‍යවල වාර්තා කරනවා. මොවුන් සාජාහි රැඳී සිටි හෝටලයේ හත්වෙනි මහලෙන් බිමට පැන ඇති බවත් 55 හැවිරිදි පියාල 52 හැවිරිදි  මව හා පුතා මිය ගොස් ඇති බවත් දියණියන් දෙදෙනා ගේ ජීවිත බේරී ඇති බවත් එම වාර්තා සඳහන් කරනවා.
මෙය සිදුව ඇත්තේ පසුගිය සතියේ බවයි එහි සඳහන් වන්නේ. මේ හේතුවෙන් මොටර් රථයකටද අලාභහානි සිදුව තිබෙනවා.

දියණියන් දෙදෙනාගෙන් එක් අයෙකු බරපතල  තුවාල ලබා ඇති අතර අනෙක් දියණිය සාමාන්‍ය තුවාල ලබා තිබෙනවා. ඔවුන් දෙදෙනා අල්  කායිග් රෝහලට ඇතුලත් කර ඇතැයි අදාල වාර්තා පවසනවා.

සංචාරක වීසා ලබාගෙන මීට මාස 9 කට පෙර මෙම ලාංකික පවුල  සාජා නුවර බලා ගොස් තිබෙනවා. මිය ගිය අයගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණ සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් ගණනාවකගේ සාක්ෂි හා විස්තර ලබා ගැනිමෙන් අනතුරුව සියදිවි නසා ගැනීමක් ලෙසින් තහවුරු වුවත් ඊට හේතුව තවමත් සොයා ගැනීමට නොහැකිවූ බව සාජා පොලීසිය ප්‍රකාශකර ඇත්තේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka