gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මට බනින්නේ දුශ්ශීල භික්‌ෂුන් - නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක

තමන් චෝදනා කළේ මෙරට වැඩ වාසය කරන දුශ්ශීල භික්‌ෂුවට මිස ගෞරවනීය මහා සංඝරත්නයට නොවේ යෑයි' නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා  ට ඊයේ (15 දා) ප්‍රකාශ කළේය.

බුද්ධරක්‌ත, සෝමාරාම සහ දෙව්දත් වැනි දුශ්ශීල ශික්‌ෂූන්ට තමා ගෞරව
නොකරන බවත්, තමා ඇසුවේ බුදුන් ඇසූ පරිද්දෙන් "ආනන්ද සර්පයා දුටුවාද" කියා පමණක්‌ බවත් හෙතෙම සඳහන් කළේය.

සිල් රෙදි සිද්ධියට සිරදඬුවම් නියමව සිටින ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට මහත්වරුන් සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශයන්ට මහා සංඝරත්නය දැක්‌වූ ප්‍රතිචාරයනට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මේ බැව් කියා සිටියේය.

හෙතෙම වැඩිදුරටත් මෙසේද කීවේය.

අපේ ගෞරවනීය මහා සංඝරත්නය මගේ ප්‍රකාශයට කලබල විය යුතු නැහැ. සිල් රෙදි සිද්ධිය දූෂිත එකක්‌ බව උසාවිය තීන්දු කළේ ඒක මැතිවරණ නීතියක්‌ උල්ලංඝනය කළ නිසා. ඒ නිසා ගෞරවනීය අධිකරණ තීන්දුව හෑල්ලුවට ලක්‌ කිරීම සුදුසු ක්‍රියාවක්‌ නෙවෙයි. සිල් රෙදි සිද්ධිය මැතිවරණ අල්ලසක්‌. මේක විමර්ශන නිලධාරීන් ඇල්ලුවේ ජීවිත පරදුවට තියලා. මේ සිද්ධියට මට බැණ අඬ ගහලා වැඩක්‌ නැහැ. ස්‌වාමීන් වහන්සේලා මෘදු, කරුණාවන්ත විය යුතුයි. බුදුන් වහන්සේ කියන්නේ රම්‍ය, සුරම්‍ය, ශුභ කියන මාලිගා ප්‍රතික්‌ෂේප කළ උත්තමයෙක්‌. අද ඉන්න සමහර ස්‌වාමීන් වහන්සේලා මාලිගා හදනවා. සමහර හිමිවරු සාස්‌තර කියලා, කොඩිවන හූනියන් කරලා, හඳහන් බලලා මුදල් හොයන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ත්‍රිපිටකයේ මේවා නැහැ. මේ සියල්ල අකැප වැඩ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka