gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිතින් පිච්චුවොත් අවුරුදු 2ක් හිරේ

ජාතික පාරිසරික පනත හා 2017 ජූලි 11 වැනිදා ඇමැති මණ්ඩලය අනුමත කළ කැබිනට් පත්‍රිකාව අනුව සැප්තැම්බර් පළමු වැනිදායින් පසු තම ගෙවත්තේ වුවද පොලිතින් හා ප්ලාස්ටික් පිලිස්සීම තහනම් බවත් එය දඬුවම් ලැබිය හැකි වරදක් බවත් මධ්‍යම පරිසර අධිකාරිය සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

ඒ අනුව යම් පුද්ගලයකු තම ගෙවත්තේ පොලිතින් හා ප්ලාස්ටික් පිලිස්සීම
කළහොත් ජාතික පාරිසරික පනත අනුව ඒ පුද්ගලයන්ට විරුද්ධව අධිකරණයක නඩුවක් පවරා රුපියල් 10,000 ක දඩයක් හෝ වසර දෙකක සිර දඬුවමක් හෝ ඒ දෙකම හෝ ලබාදීමට ඉඩ කඩ ඇතැයි ද ඔහු කීය.

ප්ලාස්ටික්, පොලිතින් පිලිස්සීම නිසා වායු ගෝලයට ඩයොක්සින්, ෆියුරාන්, අවලම්බිත අංශු හා ෆෝමැල්ඩිහයිඩ් වැනි පිළිකා කාරක හා ශ්වසන ආබාධ ඇති කරන විෂ වායු රැසක් එක්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය වෛද්‍ය විශේෂඥ ඉනෝකා සුරවීර මහත්මිය කළ පර්යේෂණවලින් පැහැදිලිව අනාවරණය වී ඇති බවද වාර්තා වේ.

එම වායුව ආශ්වාස කිරීම නිසා පිළිකා, ශ්වසන ආබාධ, ආඝාතය, මළ දරු උපත්, ඇස් අන්ධවීම, ඇසේ සුද, දියවැඩියාව හා හෘදයාබාධ ඇතිවීමට ඉඩ ඇති බව වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පවසන්නීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka