gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රා මදින්නා පොලීසියෙන් වන්දි ඉල්ලයි

කිතුල්ගල පොලීසිය විසින් තමන් නීතිවිරෝධී අන්දමින් අත්අඩංගුවට ගෙන වදහිංසා පැමිණවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව කියමින් රා මැදීමේ නිරත පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (31දා) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ.

රා මැදීමේ නිරත ඔහු ඉන් සිදු වූ හානියට රුපියල් ලක්ෂ 50ක වන්දි
මුදලක් ඉල්ලා ඇති අතරමෙහි වගඋත්තරකරුවන් ලෙස කිතුල්ගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චානක විජේරත්න , උප පොලිස් පරීක්ෂකවරුන් වන ගුණසේන , සේනාරත්න ,කිතුල්ගල පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරුන් වන සඳමාල් ,ගුණවර්ධන යන මහත්වරු සහ පොලිස්පතිවරයා නම් කරනු ලැබ සිටිති.

නීතීඥ තිෂ්‍ය වේරගොඩ සහ නීතීඥ නිලූකා දිසානායක යන මහත්ම මහත්මීන් මාර්ගයෙන් පෙත්සම ගොනු කර තිබේ.

පෙත්සම්කරු වෘත්තීයෙන් රා මදින්නෙකු බවත් ඒ සඳහා රජයේ බලපත‍්‍රයක්ද ඇති බවත් පෙත්සම්කරු කියා සිටී.

එලෙස නීත්‍යානුකූල ලෙස රා මැදීමේ කටයුතු වල නිරතව සිටියදී ඉකුත් ජූලි 28 වැනිදා පස්වරුවේ තුන්වැනි සහ හතරවැනි වගඋත්තරකරුවන්  තම නිවසට පැමිණි බවත් ,එහිදී තමන් නීතිවිරෝධී ලෙසින් රා මැදීමේ ව්‍යාපාරයක නිරත වන බවට අභූත චෝදනා කළ බවත් පෙත්සම්කරු කියා සිටී.

එම චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් තමන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් හිමිවූ නීත්‍යානුකූල බලපත‍්‍රය වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ට පෙන්වුවද ඒවා පිළිනොගෙන තමන්  පොලිස් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බව පෙත්සමේ සඳහන් වේ.

තවද කිතුල්ගල පොලිස් ස්ථානයට රැගෙන ගොස් වද හිංසා පැමිණවූ බව පවසන ඔහු එම අමානුෂික පහරදීම් ජංගම දුරකථනයක් මඟින් ඡායරූප ගත කරනු ලැබූ බවද එහි සඳහන්ව ඇත.

පසුව තමන් පොලිස් රිමාන්ඞ් බාරයේ රඳවා තබා ගනිමින් නීතිවිරෝධී මත්පැන් ලඟ තබා ගැනීමේ චෝදනා යටතේ තමන්ව ඊට පසුදින රුවන්වැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවද ,එහිදී තමන් එම චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ බවද පෙත්සම්කරු සිය පෙත්සමින් පෙන්වා දේ.

කිතුල්ගල පොලීසිය එම ප‍්‍රදේශයේ නීත්‍යානුකූල ලෙස රා මැදීමේ කටයුතුවල නිරත පුද්ගලයින් වෙත ගොස් අල්ලස් ලබා ගැනීමේ ව්‍යාපාරයක් නිරතවන බවත් ,එලෙස අල්ලස් ලබා නොදෙන පුද්ගලයින් නීතිවිරෝධි ලෙස මත්පැන් ලබා ගැනීමේ චෝදනා යටතේ අත්අංඩංගුවට ගෙන රිමාන්ඩ් කරවන බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka