ප්‍රධාන පෙළේ දේශපාලඥයෙකුට සම්බන්ධකම් ඇති හේටලයක් තරු පහේ හෝටලයක තත්ත්වයට උසස් කිරීම සඳා බාධාවක්ව පවතින ඉන්ධන පිරවුම් හලක් වහාම ඉවත් කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි.
මෙම ඉන්ධන පිරවුම්හල පිහිටුවා ඇත්තේ සංස්ථාවට අයත් භූමියක වන
අතර සංස්ථාවට අයත් කෘෂි රසායනික අංශයේ කාර්යාලයක්ද එහි පිහිටුවා ඇත. ඉන්ධන පිරවුම්හල පිහිටා තිබීම ආරක්ෂාවට තර්ජනයක් වීම නිසා හෝටලය තත්ත්වයෙන් උසස් කිරීමට බාධාවක් වී ඇත.
පිරවුම්හල පිළිබඳව සොයා බලා එය වෙනත් ස්ථානයකට ගෙනයාම සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට සංස්ථාවේ ඉංජිිනේරු අංශයේ නිලධාරීන් පිරිසක් ගිය සතියේදී එහි ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඛණිජ තෙල් හා ප්‍රේට්‍රෝලියම් වායු පිළිබඳ නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්මිය ප්‍රකාශ කළේ තමන් ඒ පිළිබඳව නොදන්නා බවයි.
හෝටලයට තරු ගන්න ඉන්ධන පිරවුම්හල බිල්ලට
2017-09-04T09:42:00+05:30
Gossip Lanka Hot News
slide|