gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුරුණෑගල පොල් ගස් ලක්ෂ දෙකක් විනාශයි !

කුරුණෑගල දිස්ත්‍රික්කයට බලපෑ දැඩි නියඟය හේතුවෙන් පොල්ගස් ලක්ෂ දෙකක් විනාශ වී ඇතැයි පසුගිය දා පැවති කැබිනට් රැස්වීමේ දී අනාවරණය වී තිබේ.

වෙළෙඳපොළේ පොල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් එම කැබිනට් රැස්වීමේ දී සාකච්ඡා කෙරී ඇති අතර එහි දී අනුර ප්‍රියදර්ශන යාපා සහ දයාසිරි ජයසේකර අමාත්‍යවරුන් පෙන්වා දී ඇත්තේ පොල් ත්‍රිකෝණයට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගස් ලක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇති බවයි.


එමෙන්ම කොළඹ සහ හලාවත යන දිස්ත්‍රික්ක දෙකේද සැලකිය යුතු සංඛ්‍යාවක් පොල්ගස් විනාශ වී ඇතැයි පොල් සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

මෙම තත්ත්වය මත පොල් සංවර්ධන මණ්ඩලය විසින් පොල් වගා කිරීම දීර්ඝකාලීන විසඳුමක් වන බවත් තාවකාලික පියවරක් ලෙස පොල් සඳහා පාලන මිලක් ඇති කළ යුතු බවත් යෝජනා කෙරී ඇත.

සාමාන්‍යයෙන් පොල් ගසක ඵලදාව ලැබීම තෙක් පොල් පැල වර්ධනය වීමට සති 45 ක කාලයක් ගතවේ.

එමෙන්ම පොල් වගාවේ අස්වනු අඩු මාස කිහිපයක්ද පවතින බැවින් පොල් මිල ඉහළ යාම වැළැක්වීම සඳහා පාලන මිලක් නියම කිරීම නැතිනම් තාවකාලික පියවරක් ලෙස පොල් ආනයනය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බව ද කැබිනට් රැස්වීමේ සාකච්ඡා කෙරී ඇත.

(දයා නෙත්තසිංහ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka