gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එළුවන් නළුවන් වෙලා

නාට්‍යයක රඟපෑමකට එළුවන් 12 දෙනෙකු අවශ්‍ය බව පවසා සත්ව ගොවිපොළක හිමිකරුවකුව මුලා කොට වායු සමනය කළ වෑන් රථයකින් එළුවන් 12 දෙනකු රැගෙන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිනුවන්ගොඩ පොලිසිය පරීක්‌ෂණ අරඹා තිබේ. සිද්ධිය සැකවින් මෙසේය.

මිනුවන්ගොඩ යටියන මඩුගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු එළුවන් ඇති
කරන අතර එම නිවසට යතුරුපැදියකින් නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ තිබේ. මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ හෝටලයක ටෙලි නාට්‍යයක්‌ රූගත කරන බවත් රූගත කරන එක්‌ කොටසකට එළුවන් 12 දෙනෙකු අවශ්‍ය බවත් එළුවන් සමඟ රූගත කරන කොටසක හිමිකරුටත් රඟපෑ හැකි බව පවසා තිබේ.

එළුවන් හිමිකරු කැමැත්ත පළ කිරීමෙන් පසු යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා ආපසු ගොස්‌ වායු සමීකරණය කළ වෑන් රථයකින් එළුවන් රැගෙන යැමට එම නිවසට පැමිණ තිබේ. එළුවන් හිමිකරුගේ සහායෙන් එළුවන් 12 දෙනකු වෑන් රථයට පටවා ඇත.

ඉන් අනතුරුව නාඳුනන පුද්ගලයන් එළුවන් හිමිකරුට පවසා ඇත්තේ රඟපෑමට සුදුසු ඇඳුමක්‌ හැඳගන්නා ලෙසයි. එළුවන් හිමිකරු රඟපෑම සඳහා ජැන්ඩියට ඇඳගෙන නිවසින් එළියට එනවිට එළුවන් පටවා ගත් වෑන් රථය පිම්මේ යන අයුරු දැක තිබේ. නාඳුනන පුද්ගලයන් පවසා සිටි හෝටලය වෙත ගියද එහි නාට්‍ය රූගත කිරීමක්‌ නොමැති හෙයින් සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka