gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැහැරගත් බව කි දරුවා රෙදි සෝදන යන්ත්‍රයෙන් හමුවෙයි

පස් හැවිරිදි වියේ පසුවන ළදරු පාසල් යන දරුවෙකු පැහැරගෙන යන්නට ඇතැයි ඊයේ  (15) උදෑසන පොලිසියට ලැබුන පැමිණිල්ලක් නිසා විශේෂ කණ්ඩායම් යොදවා විමර්ශන කරන අතරතුර දී නොසිතු ස්ථානයක සිට දරුවා හමුවූ පුවතක් හලාවත මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මාදම්පේ-මුගුණුවටවන- පුලියන්කඩවර- වැල්පොතුවැව ප්‍රදේශයේ පදිංචි
පස් හැවිරිදි පුත් චමිදු රනීශ කුඩා දරුවාව මෙසේ පැහැරගෙන යන්නට ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

දරුවා කොක්කවිල ප්‍රදේශයේ ළදරු පාසලකට යන අතර ඊයේ උදැසන ද දරුවා ළදරු පාසල් ගෙන යාමට සුදානම් කර ඇති බවත් ඉන් පසුව දරුවා අතුරුදන් වී ඇති බවත් දරුවාගේ මව් පියන් වන රෝහිත ලෙස්ලි හා දමයන්ති නිරෝෂා යන පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්.

මේ අතර දරුවා පාසල් ගෙන යාම සදහා පිටත්විමට ගිය අවස්ථාවේ දී දරුවා පෙනෙන්නට නොසිටි අතර දෙමාපියන් සෑම ස්ථානයකම විපරමින් පරික්ෂා කළත් දරුවා සිට නැති බවත්ඒ අතර එම නිවස අසල මාර්ගයකන ගිය බටිටා ලොරියක් එක්වරටම අධික වෙිගයෙන් ධාවනය වී ඇති අතර දරුවා  පැහැරගෙන යනු ඇතැයි සැක සිතු මව්පියන් 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ඇමතුමක්  දී තිබෙනවා.

ඇමතුම ලද සැණින් මාදම්පේ හා හලාවත පොලිස් ස්ථානවල නිලධාරින් පිරිසක් දරුවා පැහැර ගෙන ගිය බව කියන ලොරිය සොයා යතුරු පැදි කණ්ඩායමක් පිටත් කර තවත් නිලධාරින් පිරිසක් දරුවා ගැන තොරතුරු සොයා බැලිමට දරුවා විසූ නිවසට ගොස් තිබෙනවා.

නිලධාරීන් දෙමාපියන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන මුලින්ම දරුවා සොයා නිවස අවට සූක්ෂම ලෙසින් පරික්ෂා කර පසුව නිවස තුළට ගොස් විපරමි කර බැලීමේදී නිවසෙහි රෙදි සෝදන යන්ත්‍රයක් ඇති බව දැක එක් නිලදාරියෙක් සැකයට වාගේ එම යන්ත්‍රයේ දොර විවෘත කර බැලීමේදී පැහැර ගෙන ගිය බව කී දරුවා රෙදි සෝදන යන්ත්‍රය තුළ ගුලි ගැසි දාඩිය පෙරා ගෙන සිටිණු දැක තිබෙනවා.

ඒ සමගම දරුවා ළදරු පාසල් ගෙන යන බෑගය ද ඒ තුළ තිබී හමු වී ඇති අතර තමා ළදරු පාසල් යන්නට අකමැති නිසා රෙදි සෝදන යන්ත්‍රය තුලට ඇතුලු වී  සැඟවුණු බව දරුවා පොලිසියට පවසා තිබෙනවා.

දරුවා පැයක පමණ කාලයක් යන්ත්‍රය තුළ සිට ඇති බවත් තව ටික වෙිලාවක් දරුවා යන්ත්‍රය තුළ සිටියේ නමි දරුවාගේ මරණය පවා සිදුවිය හැකි බවයි පොලිසිය පවසන්නේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka