gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොකු තැනකින් සංගට විශේෂ ආරාධනාවක්

වසර 2011 දී ක්‍රිකට් ක්‍රීඩාවේ යහගුණය පිළිබඳ ‘කොලින් කවුඞ්රි’ දේශනය කරමින් ක්‍රිකට් ලෝකයම සසළ කළ ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර සංගක්කාරට ‘ජග්මෝහන් දල්මියා‘ අනුස්මරණ දේශනය පැවැත්වීම සඳහා ආරාධනා කර තිබේ. ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු නායකයකු මෙන්ම බෙංගාල ක්‍රිකට් සංගමයේ සභාපති සව්රව් ගංගුලි
මහතා විසින් සංගක්කාරට මෙම ආරාධනාව කරනු ලැබ ඇත.

මම ඔහුට (සංගක්කාරට) කතා කළා. අපි ඉක්මනටම දිනය තහවුරු කරගන්නවා” යැයි ගංගුලි මහතා
මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේය.

චතුර කතා ශෛලියක් හිමි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අයකු ලෙස සලකනු ලබන සංගක්කාර 2011 දී කළ ක්‍රිකට් ක්‍රීඩාවේ යහගුණය පිළිබඳ ‘කොලින් කවුඞ්රි’ දේශනය ලෝ පුරා පැසසුම් ලැබීය. එම දේශනයේදී මෙම විශිෂ්ට ක්‍රිඩකයා ශ්‍රී ලංකාවේ ඉතිහාසයණි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මූලාරම්භයණි ලාහෝර් ප්‍රහාරයණි අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ 1996 ලෝක කුසලාන දිනාගැනීම සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය වැනි මාතෘකා ඔස්සේ අති විශිෂ්ට දේශනයක යෙදුණේය.

බෙංගාල ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාව සිටි දල්මියා මහතා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේත් හිටපු සභාපතිවරයෙකි. දල්මියා මහතා 2015 දී මිය යන විට ඒ මහතාට වයස අවුරුදු 75 ක් විය- මේ සුවිශේෂී ක්‍රිකට් පරිපාලන නිලධාරියා අනුස්මරණය කරනු වස් දේශනයක් පැවැත්වීමේ කටයුතූ සූදානම් කිරීමට බෙංගාල ක්‍රිකට් සංගමය අවස්ථා කිහිපයකදී උත්සහ ගත්තද නොවැලැක්විය හැකි හේතූන් මත එම උත්සහයන් ව්‍යර්ථ වී ගියේය. මෙවර ඔහුගේ අනුස්මරණ දේශනය කිරීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඉන්දියා ටෙස්ට් සංචාරය ආරම්භ වීමට දින කිහිපයක් තිබියදීය.

ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වූ ඉන්දියා-නවසීලන්ත ටෙස්ට් සංචාරයට පෙර මෙම දේශනය පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ මහ සභා රැස්වීමද එම කාලයේ පැවැත්වීමට සූදානම් කර තිබූ හෙයින් එම උත්සහය අසාර්ථක විය- ඉන්පසු එම සංගමය මේ වසරේ ජනවාරි මාසයේ එංගලන්ත ඉන්දියා එක්දින සංචාරය අතරවාරයේ එම දේශනය පැවැත්වීමට සැලසුම් කළේය. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අනුරාග් තාකූර් මහතා එම ධුරයෙන් ඉවත් කරන තීන්දුවක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ දිනවල පැනවීම නිසා දෙවැනි වතාවටත් සිය සැලැස්මත් හකුළා ගැනීමට බෙංගාල ක්‍රිකට් සංගමයට සිදුවිය.

ගංගුලි මහතා පසුගිය වසරේදී නිවේදනය කළේ ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්බල් මහතා එම දේශනය පවත්වනු ඇති බවයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ‘එම්.ඒ.කේ පතාවූදි‘ අනුස්මරණ දේශනයට සත්කාරය දක්වන අතර මුම්බායි ක්‍රිකට් සංගමය ‘දිලිප් සර්දේසායි‘ අනුස්මරණ දේශනය සංවිධානය කරයි.

ජග්මෝහන් දල්මියා අනුස්මරණ දේශනය කිරීමට ආරාධනා ලැබ සිටින සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින නමුත් තවමත් ක්‍රීඩා කරමින් සිටින්නෙකි. ඔහු ටෙස්ට් තරග 134 ක් ක්‍රීඩා කරමින් ලකුණු 12,400 ක් රැස්කර ගත්තේය. එමෙන්ම එක්දින තරග 404 ක් හා විස්සයි විස්ස තරග 56 ක් ක්‍රීඩා කර ඇති හෙතෙම ඒවායේදී පිළිවෙලින් ලකුණු 14,234 ක් සහ ලකුණු 1382 ක් ලබා ගෙන ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka