මේ වසරේ දෙවැනි කාර්තුවේ අන්තිම වන විට එච්.අයි.වී. ආසාදිතයන් 2,688ක් හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් අතර ළමයින් 81 දෙනකු සිටින බවත් ගාල්ල මහමෝදර රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය දර්ශනී විජේවික්‍රම මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය එබව සඳහන් කර සිටියේ, දකුණු පළාත් ලේකම් කාර්යාලයේ පැවැති
දකුණු පළාත් ඒඩ්ස් මර්දන කමිටු රැස්වීමේදීය.
විජේවික්‍රම මහත්මිය මෙසේද කීවාය.
''හඳුනානොගත් එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාව 3,900ක් පමණ වෙනව. මේ අතරත් ළමයින් 100ක් විතර ඉන්නවා. දැනට හඳුනාගෙන සිටින 2,600 අතරේ මියගිය අයත් සිටිනවා. ලංකාවේ එච්.අයි.වී. ප්‍රචලිත වීම 0.01ක වගේ අඩු ප්‍රතිශතයක් වුවත් එය ටික ටික වැඩි වන බවත් පෙනෙන්නට තිබෙනවා.
ලංකාවේ වැඩි වශයෙන් එච්.අයි.වී. ආසාදිතයන් සිටින්නේ බස්නාහිර පළාත තුළයි. විෂම ලිංගික සම්බන්ධකම් හා සම ලිංගික සම්බන්ධකම් හේතුවෙන් එච්.අයි.වී. වැඩි වශයෙන් බෝ වෙනවා. ලේ දන් දීමෙන් රෝගය බෝවී තිබෙන්නේ රෝගීන් 4දෙනකුට පමණයි.
2017 ජුනි අන්තිම වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් එච්.අයි.වී. ආසාදිත වැඩිහිටි පිරිමි 42ක්, වැඩිහිටි කාන්තාවන් 21ක්, ළමයින් 03 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.''
-මව්බිම
මේ වසරේ දැනටමත් ළමුන් 81කට ඒඩ්ස් !
2017-09-11T10:13:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



