gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදුලිය දෙන්න හමුදාව කැඳවයි

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් දීපව්‍යාප්තව අඛණ්ඩව ආරම්භ කර ඇති වැඩවර්ජනය නිසා ඔවුන්ගේ සේවාවන් ඉටු කිරීමට ත්‍රිවිධ හමුදාවේ සහ විශ්‍රාමික විදුලි සේවකයන්ගේ සහයෝගය ලබා ගැනීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව පාරිභෝගිකයින්ට අඛණ්ඩව විදුලිය ලබා දීමට ත් විදුලි බිඳවැටීමකදී එය යථා තත්ත්වයට පත් කිරීමටත් ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබා ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් හා කොන්ත්‍රාත් සේවකයින් සිකුරාදා (15) අනිවාර්යයෙන් සේවයට වාර්තා කළ යුතු බව

කළමනාකාරිත්වය දැනුම් දීම නිසා ඔවුන් එදින සේවයට වාර්තා කර තිබිණි. මේ අතර 2017.09.01 දා සිට විශ්‍රාම ලැබූ විදුලි සේවකයන් ද නැවත සේවයට කැඳවා ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ද කළමනාකාරිත්වය පියවර ගෙන තිබිණි.

මෙම සේවකයින්ට ‍පොලීසිය  යොදා සම්පූර්ණ ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බවද ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

- කමණී හෙට්ටිආරච්චි


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka