gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාව දූෂිතම වෙරළ තීරයක් ඇති රටක් !

ජාත්‍යන්තර දත්ත අනුව ලෝකයේ දූෂිතම වෙරළ තීර අතර 5 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ කළමනාකරු ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ අද (15දා) සිට ඇරඹෙන ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය සහ වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය
සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමට ඊයේ (14දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා මෙසේ ද පැවැසීය.

''2010 වර්ෂයට අදාළ දත්ත අනුව අපගේ රටට හිමිවී ඇති තත්ත්වය කිසිසේත්ම යහපත් තත්ත්වයක් නොවේ. ශ්‍රී ලංකාව ආසියානු සාගර කලාපයේ මූලස්ථානයක් ලෙස ඉතා වැදගත්.

අපි වසරකට ගංගා සහ ඇළ දොළ ආශ්‍රිත තව ප්ලාස්ටික් සහ පොලිතින් මෙට්රික් ටොන් 1.59ක් මුදාහරිනවා. වෙරළ දූෂණයට බලපා තිබෙන්නේ එම තත්ත්වයයි. 1975ට වඩා ශ්‍රී ලංකාවෙත් ලෝකයෙත් ප්ලාස්ටික් පරිභෝජනය මේ වන විට සියයට 625 ගුණයකින් වැඩිවෙලා.

ප්ලාස්ටික් පොලිතින් භාවිතය අවශ්‍ය වුවත් සීමා රහිතව පරිභෝජනය කිරීමත් අවිධිමත් ලෙස බැහැර කිරීමත් නිසා පරිසර ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා.

වෙරළ කලාපයේ තිබෙන කුණුවලින් 10%ක් පමණයි එම ප්‍රදේශයෙන් මුදා හැරෙන්නේ. අනිකුත් 90%ක් කුණු කසළ රට අභ්‍යන්තරයෙන් වෙරළට ගසාගෙන එන්නේ ගංගා දිගේ. තායිලන්තය, ඉන්දියාව, ඉන්දුනීසියාව ආදී රටවලින් දියවැල් මඟින් මෙවැනි අපද්‍රව්‍ය ගසාගෙන එනවා.

පාසල් 288ක පරිසර භට කණ්ඩායම් :

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා මහතා එම මාධ්‍ය හමුවේදී මෙසේ පැවසිය.

''ජනතාවගෙන් මිලියන 5කට අධික පිරිසක් සංචාරක හා ධීවර රැකියා ආශ්‍රයෙන් වෙරළ කලාපයේ ජීවිකාව සිදු කරනවා. වෙරළට කැළි කසළ එක් වීමට ජනගහනය වැඩිවීමත් ප්‍රධාන ලෙස බලපානවා.

 වෙරළ පිරිසුදු කිරීමට පියවර ගෙන ඇත්තේ පරිසරය වඩාත් හොඳින් අනාගතයට භාරදීම අරමුණු කරගෙනයි. මේ සඳහා පාසල් 288ක පරිසර භට කණ්ඩායම් සහ සියලු පාසල්වල පරිසර නියමුවෝ දායක කර ගන්නවා.''

වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ගාමිණි හේවගේ, වෙරළ සම්පත් සුරැකීමේ අධිකාරියේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka