gossip lanka

හබරණදී සුනඛයෙකු සපා කෑමෙන් දින 7ක් වයසැති බිළිඳෙකු මරුට

ඉපදී දින 7 ක් වයසැති කුඩා දරුවෙකු නිවසේ නිදාගෙන සිටියදී සුනඛයෙකු සපා කා මිය ගොස් තිබෙන පුවතක් දඹුල්ල හබරණ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ හබරණ නාමල්පුර ආසිරිගම ප්‍රදේශයේ පදිංචි මවකගේ දරුවෙකු බවයි හබරණ පොලිසිය පැවසුවේ.

ඊයේ (16) පස්වරුවේ තම දරුවා සාලයේ නිදි කර මව කුස්සියේ උයමින් සිට තිබෙනවා. ඒ අතරතුර නිවසට පැමිණි සුනඛයෙකු විසින් සාලයේ නිදා සිටි මෙම පුංචි බිළිඳාව සපා කා තිබෙනවා.


සිද්ධිය සිදුවන වනවිට දරුවාගේ පියාද නිවසින් බැහැරව මෙම බඹර කපන්නට ගොස් තිබෙනවා.

සුනඛයා සපා කෑමෙන් තුවාල ලැබූ දරුවා ඉක්මනින් හබරණ රෝහලට ඇතුලත් කර ඇති අතර දඹුල්ල රෝහලට මාරු කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වුණේ.
gossip lanka