gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමතිකම අහිමි වූ විජේදාස, මහින්ද සමඟින් එකට එක්වෙයි – Photos


එක්සත් ජාතික පක්ෂයේ ඒකමතික තීරණය අනුව පසුගියදා විජේදාස රාජපක්ෂ මහතා ඔහු දැරූ ඇමති ධූරයෙන් ඉවත් කරනු ලැබුවා. එයට හේතු වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ පිරිස් ආරක්ෂා කිරීමට ඔහු නීතිය ක්‍රියාත්මක නොකරන බවට එක්සත් ජාතික පක්ෂයේම පිරිසක්ම චෝදනා එල්ල කිරීමයි.

පසුව ජනපති විසින් දැනුම් දී තිබුණේ විජේදාස රාජපක්ෂ මහතා දරණ
කැබිනට් ඇමති ධුරයෙන් ඔහුව ඉවත් කිරීම සඳහා තමන්ගේද අකමැත්තක් නැති බවයි.

කෙසේ නමුත් ඊයේ (25) රාත්‍රියේ විජේදාස රාජපක්ෂ විසින් මහින්ද රාජපක්ෂ මහතා සමඟින් එක්ව බෙල්ලන්විල විහාරයේ ආගමික කටයුතු සඳහා සහභාගී වී තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔවුන් දෙදෙනා එක්ව ඉදිරියේදී එකම පක්ෂයක වැඩකටයුතු කරගෙන යන්නට මේ වන විට සාකච්ඡා කරමින් යන බවයි.

කෙසේ නමුත් ඒ පිළිබඳව ස්ථිරවම කිව නොහැකි බවත් මැතිවරණයකදී ඔවුන් එකට එක්ව තරඟ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු වාර්තා කර සිටින්නේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka