gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බඩේ අමාරුවකට බෙහෙත් ගන්න රෝහලට ආ 15 හැවිරිදි දැරිය මාස 5ක කළලයක් බිහි කරලා

උඩුදුම්බර රෝහල් භූමියේ වල දැමූ කළලයක් තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පෙරේදා (21) ගොඩගනු ලැබුවා.

මෙසේ වල දමා තිබුනේ මාස 5ක පිරිමි කලලයක් බවයි වාර්තා වන්නේ.

බඩේ අමාරුවකට ප්‍රතිකාර ගැනීමට සිය මව්පියන් සමග රෝහලට ආ 15 හැවිරිදි දැරියක් මෙම කළලය ප්‍රසුත කර ඇතැයි සඳහන්.

අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි අදාල දැරිය මව්පියන් සමඟ ඥාතී නිවසනට පැමිණ තිබෙනවා.

එහිදී උදරයේ ඇති වූ අබාධයක් නිසා ප්‍රතිකාර එයට ගැනීමට උඩුදුම්බර රෝහලට ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරයෙකු කිසියම් ඖෂධයක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එය පානය කිරීමෙන් අනතුරුව දැරිය අසාධ්‍ය තත්වයට පත්ව ඇති අතර පසුව මාස 5ක පිරිමි කළලයක් ප්‍රසුත කර තිබෙනවා.

එම අවස්ථාවේ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි හෙදියක් හා රෝහල් කනිෂ්ඨ සේවිකාවක් එම බිළිඳු කළලය රෝහල් පරිශ්‍රයේ වල දමා තිබෙනවා.

අනතුරුව අසාධ්‍ය තත්වයේ සිටි දැරිය මහනුවර රෝහලට මාරු කර ඇති බවයි හෙළි වී ඇත්තේ.

මහනුවර රෝහලේදී දැරිය පරික්ෂා කළ එහි වෛද්‍යවරු දැරියට ගබ්සාවක් සිදුව ඇති බව තේරුම් ගෙන ඒ ගැන මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දුන් බව සඳහන්.

පසුව උඩුදුම්බර පොලිසිය දැනුම්වත් කර පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

ඒ අනුවයි කළලය  පෙරේදා ගොඩ ගැනුනේ.

දැරිය මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන අතර කළලය රෝහල් බිමේ වල දැමීම ගැන එම අදාළ වෛද්‍යවරයාගෙන් මෙන්ම අදාළ හෙදිය හා කනිෂ්ඨ සේවිකාවගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka