gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අර්ජුන පිරිමහන්න හදන්නෙ වෛරයක්

නුවර දී ක්‍රීඩකයින්ට ජල බෝතල් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳවත්  ක්‍රිකට් කණ්ඩායම පරාජය වීම පිළිබඳවත් අර්ජුන කාලකණ්ණි සතුටක් විඳින බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

අර්ජුන මේ පිරිමසන්නට දඟලන්නේ තමන් සමග ඇති පෞද්ගලික
තරහවක් බවත් තමා සමග ඡන්දය ඉල්ලා පරාජය වූ අර්ජුන දිගින් දිගටම තමාට අවලාද නගමින් එම ප්‍රහාර එල්ල කරන බවත් සුමතිපාල මහතා කියා සිටියේය.

ක්‍රිකට්වලට ආදරේ කරන අය අද අර්ජුන සිදු කරන ප්‍රකාශ ගණන් ගන්නේ නැති බවත් ලෝක ඉතිහාසයේම වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් පරාජය වූ නායකයා වන්නේ අර්ජුන බවත් පවසන සුමතිපාල මහතා එහෙව් නායකයා අද තරග කීපයක් පරාජය වූ විට මෙසේ බැණ අඬගැසීම හාස්‍යයට හේතුවක් බවත් කියා සිටියේය.

අද අර්ජුන කරන්නේ තමාට මෙන්ම ක්‍රීඩකයින්ට බැණ බැණ ඇවිදින එක බවත් අර්ජුනගේ චෝදනාවලට උත්තර දීමට තමා බැඳී නැති බවත් සඳහන් කළේය. තමා උත්සාහ කරන්නේ රටේ ක්‍රිකට් නැංවීමට මිස ද්වේශයෙන් බැණවදින පුද්ගලයින්ට උත්තර බඳිමින් කාලය නාස්ති කිරීමට නොවන බවත් ඒ මහතා කියා සිටියේය.

-සුජිත් කෝනාර






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka