gossip lanka

බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

හික්කඩුව - සීනිගම  දේවාලයේ මහ පෙරහර අතරතුර බෞද්ධ කොඩියට සමාන වර්ණයන්ගෙන් යුත් සාරිවලින් සැරසුණු තරුණියන් පිරිසක් ගමන් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර තිබෙනවා.

එමඟින් ඉල්ලා ඇත්තේ පෙරහර කමිටුවේ ප්‍රධානීන්ගෙන් මේ පිළිබඳව
ප්‍රශ්න කර නිසි විමර්ශනයක් සිදුකරන ලෙසයි.

හික්කඩුව - සීනිගම දේවාලයේ දහවල් පෙරහර පසුගිය 26 සහ 27 වනදා පැවැත්වුණු අතර, එහි පළමු දිනයේ බෞද්ධ කොඩියේ වර්ණ නියෝජනය වන ආකාරයේ සාරිවලින් සැරසුණු තරුණියන් පිරිසක් පෙරහරට සම්බන්ධ කර තිබුණා.




gossip lanka