gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කලිසම් දෙකයි කමිස දෙකයි සෝදා ක්‍රිකට්‌ ගැසු සිදත් කියන තවත් ආන්දෝලනාත්මක කතාවක්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ලෝකයට ඔසවා තබන්නට වු පෙරගමන් කරුවෝ කිහිප දෙනෙක්‌ සිටිති. ඒ අතරින් සිදත් වෙත්තමුණි යනු මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් හඳුනාගත් සැබෑ දක්‍ෂයෙකි. එමෙන්ම හරි දේ නිසි කලට කළ යුතු යෑයි විශ්වාස කරන ඉදිරි දැක්‌මක්‌ ඇති ක්‍රිකට්‌ මහත්මයෙකි. ඔවුන්ගේ සැලැස්‌ම විසි කර දැමීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ දැන් අගාධයට තල්ලුවී තිබේ.
ඉන්දියාවේ සුනිල් ගවස්‌කාර් පවස්‌නේ ශ්‍රී ලංකා කණ්‌ඩායමට පහර දෙන්නට ඔවුන්ගේ රංජි කුසලාන කණ්‌ඩායමකටත් හැකියාවක්‌ ඇති බවයි. ඒ තරමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ දැන් හංවඩු ගැසී තිබේ.

එදා කලිසම් දෙකයි කමිස දෙකයි සෝද සෝදා ක්‍රිකට්‌ ගැසු වෙත්තමුණිලා මෙරටට ටෙස්‌ට්‌ වරම් ලබාදීමට කළ පෙළහර අදත් මෙරට ක්‍රිකට්‌ ගැන දන්නෝ දනිති. ලොව විස්‌ඩන් ක්‍රිකට්‌ සම්මානයට ශ්‍රී ලංකාවෙන් පළමු වරට යෝජනාවු නාමයක්‌ ඇත්නම් ඒ සිදත් වෙත්තමුණිය.

නිසි කලට ක්‍රිකට්‌ පිටියෙන් විශ්‍රාම ගිය ඔහු තහනම් දකුණු අප්‍රිකානු සංචාරයට නොගොස්‌ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ වෙනුවෙන් එදා දහදිය වැපරුවේය. අපමණ දුක්‌ විඳ කළ ක්‍රිකට්‌ ක්‍රීඩාව අද වැටී ඇති තත්ත්වය අනූව ඔහු සිටින්නේ කළ කිරීමෙනි.

දැන් මොකද ක්‍රිකට්‌වලට වෙලා තියෙන්නෙ.

අපි කලින්ම කිව්වා මේ සැලැස්‌මත් එක්‌ක ක්‍රිකට්‌ දුවන්න බැහැ කියලා. මම අතුරු කමිටු හතක විතර හිටියා. අන්තිමට මම අතුරු කමිටු සභාතිවරයා වශයෙන් අයින් වෙන්න මාස දෙකකට කලින් නව ක්‍රිකට්‌ සැලැස්‌මක්‌ හැදුවා. ඒකෙදි ඡන්ද 147 ක්‌ තිබුණ මෙරට ක්‍රිකට්‌ නිලවරණය ඡන්ද 57 කට අඩු කළා. ලෝකයේ ක්‍රිකට්‌ දියුණු වෙන හැටි අධ්‍යනය කරලා තමයි ඒක හැදුවෙ. නිකන් නෙමෙයි ප්‍රසන්න ජයවර්ධන වැනි දක්‍ෂ නීතිඥයන් සමග එකතුවෙලා ඒක හැදුවා. ඒ සැලැස්‌මට මහේලලා වගේ අයත් ලොකු සහයෝගයක්‌ ලබාදුන්නා. පස්‌සෙ අයි.සී.සී. ය ඒක ඉහළින්ම අනුමත කළා. ක්‍රියාත්මක කරන්න ක්‍රීඩා ඇමැතිවරයාට සහ අගමැතිවරයාටත් සැලැස්‌ම ඉදිරිපත් කළා.

ඔබේ සැලැස්‌ම ඇයි රටේ ප්‍රභූවරුන් අනුමැතිය දිලා තියෙද්දී යට ගියේ

මම මගේ යුතුකම කළා. මට ක්‍රිකට්‌ ආයතනය එන්න කිසිම ආශාවක්‌ නැහැ. මට ආයිත් අතුරු කමිටුවට එන්න කිව්වොත් මේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරල අලුත් සැලැස්‌මක්‌ හදන්න විතරයි එන්නෙ. ලෝකයේ අපේ රටේ තරම් ඡන්ද කොහෙවත් නැහැ. බිලියන 1.2 ක්‌ ඉන්න ඉන්දියාවෙ තියෙන්නෙත් ඡන්ද 46 යි. අපේ ඡන්ද 147 ක්‌. නවසීලන්තයේ ක්‍රිකට්‌ නිලවරණයට තියෙන්නෙ ඡන්ද 5 යි. එංගලන්තයේ 22 යි. පකිස්‌තානයේ 10 යි. ඉතිං තව මොනවද කථා.

දැන් තියෙන ක්‍රීඩා සමාජ ගණන අනුව දක්‍ෂ ක්‍රීඩකයෝ බිහි වෙන්නෙ නැහැ කියන එක අර්ථ දක්‌වන්න පුළුවන්ද

මේ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව අඩු කරන්න කිව්වහම සමහර අය කියනවා අපි 96 දිනුවෙත් මේ සැලැස්‌ම කියලා. ඒ අයට මම කියනවා 96 පාවිච්චි කරපු ෆොaන් එකමද තාමත් පාවිච්චි කරන්නෙ කියලා. කාලයෙන් කාලයට වෙනස්‌ වෙන ලෝකයේ අපි වෙනස්‌ නොවුණොත් වෙන දේ තමයි අද ක්‍රිකට්‌ වලට වෙලා තියෙන්නෙ. ඉන්දියාව වෙනස්‌ වුණා. අනිත් හැම රටක්‌ම වෙනස්‌ වුණා. නමුත් අපි පරණ ක්‍රමයට දුවනවා. දේශපාලඥයකුට මිසක්‌ වෙන කිසි කෙනෙකුට මේ ඡන්ද ක්‍රමය අනුව එන්න බැහැ. දැන් තියෙන ක්‍රීඩා සමාජ ගණන අනුව ජාතික කණ්‌ඩායමට ක්‍රීඩකයකු තේරුණහම ඔහු අතරමං වෙනවා. මේ ක්‍රීඩා සමාජ බැලුවහම මටත් අදත් ගිහින් සියයක්‌ ගහල එන්න පුළුවන් කියලා.”

අද චන්දිමාල්ව එක්‌දින කණ්‌ඩායමෙන් එළියට දාලා. මේග අංක එකේ තේරීම ඔහු. ඔහු අත්දැකීම් තියෙන ඉදිරියක්‌ ඇති දක්‍ෂ ක්‍රීඩකයෙක්‌. ඔහුව අනාථ කරල දානවා. මේ ක්‍රීඩා සමාජ වැඩි කමින් ක්‍රීඩකයකුට අත්දැකීම් ගන්න අවුරුද්දක්‌ දෙකක්‌ යනවා. නමුත් එහෙම අවස්‌ථාවක්‌ දෙන්නෙ නැහැ. අත්දැකීම් තියෙන අයවත් කපලා දානවා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka