gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිසුවකු පාසලට ගන්න අල්ලස්‌ ගත් හිටපු විදුහල්පතිනිය වසර 8 ක්‌ හිරේ

සිය පාසලට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා රුපියල් 25,000 ක අල්ලසක්‌ ලබාගැනීම ඇතුළු අධිචෝදනා දෙකකට වරදකාරිය කරනු ලැබූ පානදුර මහානාම නවෝද්‍යා පාසලේ හිටපු විදුහල්පතිනියක වන නදීකා කේ. පීරිස්‌ මහත්මියට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (29 දා) බරපතළ වැඩ සහිත වසර අටක සිරදඬුවම් නියම කළේය.

එම සිරදඬුවමට අමතරව විත්තිකාරියට රුපියල් 5000 ක දඩයක්‌ ගෙවීමට ද නියම කළ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් අමතර වසර එකක සිර දඬුවමක්‌ ලබාදීමට නියම කළේය.

2008.11.16 වැනිදා එකී සිසුවාගේ පියාගෙන් සිසුවා ඇතුළත් කරගැනීම සඳහා තුටු පඬුරක්‌ ලෙස එකී අල්ලස අයෑදීම හා ලබාගැනීම ඇතුළු අධිචෝදනා දෙකටම විත්තිකාරිය වරදකාරිය බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව නිගමනය කළ විනිසුරුවරයා එම දඬුවම් නියම කළේය.

අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකාරියට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

-දිවයින
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka