gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රවීගේ රවි නීචද?

රවි ග්‍රහයා තේජාන්විත ය. රවි යනු හිරුට කියන තවත් නමකි. රාජ්‍ය පාලකයන්ට රවි නීච වීම රජ පුටුවෙන් බිමට බැසීමට තරම් කරුණු කාරණා වන බව ජෝතිෂ්‍යයේ සඳහන් කරුණකි.

ජෝතිෂ්‍යය කෙසේ වුව ද රවී නීච වීම ආරම්භ වුයේ පසුගිය මැයි 22
වෙනිදායි...

එම නීච වීම පසුපස තිබුණේ දේශපාලන අහසේ ග්‍රහ මාරුවකි.

එකී ග්‍රහ මාරුවට පාර කැපුණේ රවීගේ ම ක්‍රියාකලාපයේ දෝෂයකිනි.

එම රවී නීච කිරීමේ මෙහෙයුම, මහා සිසිර යුද්ධයක එක මෙහෙයුමක් පමණි.

එම මෙහෙයුම පරාජය වූ රවී, ඉදිරි මෙහෙයුම් වලට සුදානම් වීම පසක ලා තම රාජ්‍යයේ රජුත්, යුව රජුත්, වැසියනුත් තමන් සමඟ යැයි සිතා ආයුධ මුදා විවේක හරින්නට විය....

එම විවේකය තම හොඳම අවස්ථාව කරගත්, රවී නියෝජනය කල යුව රජුගේ හමුදාවේම සෙන්පතියෙක් යටි උගුල් කේලාම් මෙහෙයුමක් ආරම්භ කලේ නීච වූ රවී ගෙදර ම යැවීමේ සුදානම ඇතිවය.

යුව රජුටත් ඔහුගේ හමුදාවටත් එරෙහි මෙහෙයුමක් වසර එක හමාරකට පමණ පෙර සිට මෙහෙයවමින් සිටි රාජ්‍යයේ රජුගේ පුරෝහිතයන් ද, නීච වූ රවී කුජිත කිරීමේ මෙහෙයුමක් අරඹන්නේ ද මේ අතර වාරයේ ය....

දැන් රවී එම අනෝරා වැස්සට තෙමෙමින් සිටියි... රවීගේ තේජසත්, උණුසුමත් පහවෙමින් තිබෙයි....

කුමන්ත්‍රණකරුවන්ගේ සැලසුම් අකුරටම ක්‍රියාත්මක වෙමින් තිබියදී, රවීට එරෙහි මෙහෙයුමට සේනාවන් එක් වෙමින් සිටියි...

මෙම මෙහෙයුමත් රවීගේ ජයග්‍රහණයේ මානයෙන් ඈත්වෙමින් යද්දී, මැයි 22 මෙහෙයුම පරාජයට පත්වූ සෙබළුන් ම යොදා, රවී යලිත් සේනා සංවිධානය කරමින් සිටියි.....

අනෙක් පසින් යුධ ශිල්පයේ දක්ෂයන් සටනට පිවිසෙන විට රවී පාර්ශවයේ සිටින්නේ නුපුහුණු සහ පරාජිත සෙබළුන්ය....

එකී සෙබළුන් පුහුණු කිරීමටත්, ඔවුන්ගේ චිත්තධෛරීය ඉහල දැමීමටත්, නිවැරදි සටන් උපක්‍රම භාවිතා නොකළහොත් රවිගේ සෙබළුන්ට අත් වනු ඇත්තේ පෙර මෙහෙයුමේ මෙන්ම නිසැක පරාජය පමණි.

තවමත් මහා සිසිර යුද්ධය ඇත්තේ ආරම්භක අවධියේ ය. එය කුටප්‍රාප්තියට පත්වීමට නියමිතව ඇත්තේ මෙම මෙහෙයුමෙන් රවී පරාජය වූ පසුය...

රවීගේ ජයග්‍රහණය හෝ පරාජය මගේ ගැටළුවක් නොවේ.... මේ සටනින් කවර පාර්ශවයක් ජයග්‍රහණය කල ද මටවත්, රටටවත් ඉන් අත්වන සෙතක් නැත.... මේ සියලු පාර්ශව එකම කාසියක දෙපැත්තක් මෙනි...

පාලකයන් විපක්ෂය වන විට, විපක්ෂය පාලකයන් වන්නේ යම් සේ ද, සොරුන් පාලකයන් වන විට, පාලකයන් ද සොරුන් වේ....

රටට අවශ්‍යය වූ වෙනස නම් මෙය නොවේ...

-විමුක්ති දුෂාන්ත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka