gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිතීන් තහනම් කිව්වට ඔක්කොම තහනම් වෙන්නේ නැහැ

පොලිතීන්වලින් නිෂ්පාදිත කෑම වර්ග පාර්සල් කරන කොළ, සිලිසිලි මලු සහ එක්ස්පෑන්ඩඞ් පොලියෙස්ටර්වලින් නිෂ්පාදිත කෑම පෙට්ටි තවත් සතියකින් භාවිතය තහනම් වනවා.

ඇතැම් පොලිතීන් නිෂ්පාදන සඳහා මීට පෙරද තහනමක් පැනවුණු අතර
එවර තහනම් කෙරුණේ මයික්‍රෝන අගය අනුව සිදු කළ නිෂ්පාදනයි.

කෙසේවෙතත් මෙවර පැනවෙන තහනම තුළින් බොහෝ පොලිතීන් වර්ග භාවිතයෙන් ඉවත් කරන්නට සිදු වනවා.

මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියෙන් කළ විමසීමකදී ඊට පිළිතුරු දුන් එහි අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් උපාලි ඉන්ද්‍රරත්න සඳහන් කළේ "ලන්ච් ෂීට්වල තුනී හෝ ඝණකම් කියලා අපි වර්ග කරන්නේ නැහැ. පොලිඑතිලින්වලින් නිෂ්පාදිත සියලුම ලන්ච් ෂීට් තහනම් වෙනවා. එතකොට මලුවල පොලිතින් නෙමෙයි අපි තහනම් කරන්නේ.. HDP වලින් නිෂ්පාදිත සිලිසිලි මලු, ග්‍රොසරි බෑග් තමයි තහනම් කරන්නේ. ldpe product එක තහනම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ රෙදිපිළි වෙළඳසැල්වලින් භාණ්ඩ ගත්විට ලැබෙන මලු තහනම් වෙන්නේ නැහැ. ඒ වගේම කැළිකසල බහාලන බෑග් එක..ඒක තහනම් වෙන්නෙත් නැහැ." යනුවෙනි.

අදාළ තහනම ක‍්‍රියාත්මක වන්නේ සැප්තැම්බර් මස පළමු වැනිදා සිටයි. එහිදී තහනම් ද්‍රව්‍ය නිෂ්පාදනය, අලෙවිය සහ භාවිතය සම්බන්ධයෙන් නඩු පවරා දඩ නියම කිරීමට සහ සිර දඩුවම් නියම කිරීමට ද හැකියාව තිබෙනවා.

මෙම නීතිය ක‍්‍රියාත්මක කිරීම අදියරෙන් අදියර සිදු කරන බවයි උපාලි ඉන්ද්‍රරත්න වැඩිදුරටත් කියා සිටියේ. ඒ අනුව පළමු අදියරේ දී නීතිය ක‍්‍රියාත්මක කිරීම නිෂ්පාදකයින් සම්බන්ධයෙන් සිදු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka