gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් හරි මගට ගන්න ක්‍රීඩා ඇමති අලුත් මෙහෙයුමක් අරඹයි..!

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම වර්තමානයේ මුහුණ දී තත්ත්වයෙන් නිවැරදි මාවතට යොමුකර ගැනීම සඳහා අදාළ ප්‍රවීනයන්ගේ අදහස්‌ හා යෝජනා ලබා ගැනීමේ වැඩමුළුවක්‌ පැවැත්වීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මෙම වැඩමුළුවේ කටුයතු සංවිධානය කිරීමට විශේෂඥයින්ගෙන් යුත්
කමිටුවක්‌ පත්කළ බවද ඔවුන් ස්‌වාධීනව එම කටයුතු සිදු කරනු ඇති බව ඊයේ (23දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කීය.

ක්‍රිකට්‌ ක්‍රීඩාවේ විද්වතුන් හා ප්‍රවීනයන් හිටපු ක්‍රිකට්‌ නායකයන්, හිටපු ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය සභාපතිවරුන්, ප්‍රවීන ක්‍රිකට්‌ මාධ්‍යවේදීන්, තේරීම් කමිටු සභාපතිවරුන්, ජාතික කණ්‌ඩායමේ හිටපු පුහුණුකරුවන්, පළාත් හා දිස්‌ත්‍රික්‌ ක්‍රිකට්‌ සංගම් සභාපතිවරුන් ඇතුළු සියලු දෙනාට මෙම වැඩමුළුවට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බවද, ඇමැතිවරයා එහිදී සඳහන් කර සිටියේය.

ඉදිරි සති කිහිපය ඇතුළත මෙම වැඩමුළුව පැවැත්වීමට සැලසුම්කර ඇති බව කී ඇමැතිවරයා වත්මන් ක්‍රිකට්‌ ආයතනය මීට කිසිදු සම්බන්ධයක්‌ නැතැයිද, සම්පූර්ණයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මෙම වැඩමුළුව සංවිධානය කරන බවද වැඩිදුරටත් කියා සිටියේය.

ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වර්තමාන තත්ත්වයට හේතු වූ කරුණු හා කණ්‌ඩායම නව මගකට යොමු කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග සාකච්චාකර වාර්තාවක්‌ සකස්‌ කිරීමටත් පසුව එය ක්‍රියාකාරී සැලැස්‌මක්‌ ලෙස පාලක මණ්‌ඩලයට යොමුකර ක්‍රියාකරවීමටත් පියවර ගන්නා බවද ඇමැතිවරයා පැවසීය.

පුද්ගලික අමනාපකම් නිසා සමහරු තැන් තැන්වල විවිධ චෝදනා එල්ල කරන බවද, පිට සිට චෝදනා එල්ල නොකර මෙම අවස්‌ථාවට එක්‌ව සාකච්ඡා කර කණ්‌ඩායම නිවැරදි මඟකට යොමුකර ගැනීමට අවංකව එක්‌වන ලෙස ඇමැතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka