gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිරුවත්ව පානදුරේ ගෙවල්වලට රෑට පනිනා අත්භූත මිනිසා

පානදුර- පින්වත්ත  පෙදෙසේ ඊයේ (14) රාත්‍රී අද්භූත සිද්ධියක්වී ඇතිවූ  බව එම පෙදෙසේ පදිංචි පානදුර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි නිමල් කුසුම්සිරි  සිල්වා  කියා සිටිනවා.

නිර්වස්ත්‍රව පැමිණි පුද්ගලයෙකු පැයභාගයක් ඇතුලත නිවාස පහකට
ඇතුලුවී නිදන කාමරවලටද රිංගා පලාගොස් ඇති බවයි ඔහු කියා සිටින්නේ.

නිවැසියන් භිතියට පත්වි නොසන්සුන් තාවයක් ඇතිවුහ ඔහු අල්ලාගැනීමට උත්සාහ දරා ඇතත් එක්වරටම ඔහු අතුරු දහන්වූ බව සිද්ධියට මැදිවූ නිවැසියෝ පවසා තිබෙනවා.

එම නිවැසියන් හමුවු පානදුර  ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයා මේ සිද්ධිය පිලිබදව  පොලිස් හදිසි ඇමතුමි 119 ට ද පැමිනිලි කිරිමෙන් පසු එම පොලිස් නිළධාරීන් මහ රාත්‍රීයේම පැමිණ පරීක්ෂණ ආරම්භ කලද පලක්වී නැහැ.

පින්වත්ත පොලිස් මුරපෙලටද මේ බව දන්වා ඇතැයි සඳහන්.

මෙම නාදුනන පුද්ගලයාව අල්ලා ගැනීමට නිවැසියන් ප්‍රබල උත්සාහයක යෙදුන මුත් ඔහු එක්වරටම අතුරුදහන්විම අද්භූත සිද්ධියක්ද  යන්න ප්‍රදේශවාසින්ට සැකයක් පවතිනවා.

නිර්වස්ත්‍රව පැමින නිවාස පහකටම ඇතුලුවු නාදුනන පුද්ගලයා කවුරුන්ද , හොරෙක්ද යන්න සොයාගැනීම නිවැසියන්ට සහ පොලිසියට ප්‍රශ්නයක් වි ඇති බවයි  පාණදුර  ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි නිමල් කුසුම්සිරි සිල්වා පැවසුවේ.

ඇතුළු වී ඇති සියලු නිවාසවල ඒ වනවිට නිවසේ සැමියා නොසිටි බවද වාර්තා වනවා.

එක් නිවසක මන්නයක් ගෙනගොස් මග දමා ගොස් ඇති අතර තවත් නිවසක රෙදි කෑල්ලක් දමා ගොස් තිබු බවද  පානදුර  ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි නිමල් කුසුම්සිරි සිල්වාකියා සිටියා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka