gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෘද රෝග සැත්කම්වලට භාවිත කරන ස්ටෙන්ස් මිල අඩු කරයි

හෘද රෝග සැත්කම් සදහා භාව්ත කරන ස්ටෙන්ස් මිල ඊයේ (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

ගම්පහ ව්ද්‍යාරවීන්ද්‍ර පිරිවෙනේ තෙමහල් ධාතු මන්දිරයට මුල්ගල් තැබීම වෙනුවෙන් අද (05) පෙරවරුවේ පැවැති උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඒ අනුව වෙළෙදපොලේ රුපියල් 75,000 කට අලෙවි වන ලෝහමය ස්ටෙන්ස් රුපියල් 24,000 ක් දක්වා ද රුපියල් ලක්ෂ 03 1/2 කට අලෙවි වූ ඖෂධ මුදාහරින ස්ටෙන්ස් මිල රුපියල් එක්ලක්ෂ 5000 දක්වා ද මිල අඩු කර ඇත.

හෘද සැත්කම් සදහා මෙතෙක් වෙළෙදපොලේ ස්ටෙන්ස් අධික මිල ගණන් යටතේ අලෙව් කිරිම තුළින් හෘද රෝගීන් ගැටළු රැසකට මුහුණ දී සිටියහ. ඒ පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ස්ටෙන්ස් මිල අඩු කිරිමට පියවර ගන්නා ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාට දැනුම් දී තිබුනි.

ඒ අනුව මිල නියාමනය සිදු වන අතර, අද දින (05) සිට මෙම මිල ගණන් වලට ස්ටෙන්ස් වෙළෙදපොලේ අලෙවි වන්නේ දැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් විමර්ශණයක් ද සිදු කරනු ලබයි.

රජයේ රෝහල් වලට පැමිණෙන හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් නොමිලේ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මීට පෙර පියවර ගෙන තිබුනි.

ඉදිරියේ දී ඉතා අධික මිල ගණන් වලට අලෙවි වන ඖෂධ සහ උපකරණ මිල තව තවත් අඩු කර රෝගී ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

වෙළෙදපොලේ ස්ටෙන්ස් අලෙව්කරන සමාගම් මෙම මිලට ස්ටෙන්ස් අලෙවි කළ යුතු බවත් පෞද්ගලික රෝහල් හෘද සැත්කම් සිදු කිරීමේ දී භාවිත කරන ස්ටෙන්ස් සදහා මෙම මිල අනුගමනය කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka