gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ICCයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ හද දැවෙන පුවතක්

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයට සෘජුව සම්බන්ධ වීමේ අවස්තාව අහිමි වී ඇතිබව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවිය සඳහන් කරනවා.

ඒ සංචාරක ඉන්දියාවට එරෙහිව පවතී එක්දින තරඟාවලියේ සිවුවැනි
තරඟයයේද අන්ත පරාජයක් හිමි වීමේ පසුවයි.

මේ එක්දින තරගාවලියේ ඉන්දියාවට එරෙහිව තරංග දෙකක් ජයගත්තානම් ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සෘජුව සහභාගී වීමේ අවස්තාව ලැබීමට තිබුණා.

ඒ අනුව ක්‍රිකට් ලෝක කුසලානයට එක්වීමට නම් ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරංග වටයට සහභාගී විය යුතුව තිබෙනවා.

ඊයේ තරඟයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 05ක් දැවී ලකුණු 375 ක්  ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 207කට සියලූ දෙනා දැවී ගියා.

ඉන්දීය ඉණිමේ වඩාත් කැපී පෙනෙන පිතිකරුවන් වූයේ විරාට් කෝලි සහ රෝහිත් ශර්මායි.

විරාට් කෝලි ලකුණු 131ක් ලබා ගත්තා.

රෝහිත් ශර්මා ලකුණු 104යි.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් පන්දු 80ක දී ලකුණු 70ක් ලබා ගනිමින් සිය වගකීම ඉටු කිරීමේ කැපී පෙනෙන දක්ෂතාවයක් දැක්වුවා.

පන්දු යැවීමේදී ද කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 24කට කඩුලූ 02ක් දවා ගත්තා.

මෙම තරගයේ දී ශ‍්‍රී ලංකාව පරාජය ලැබුවේ ලකුණු 168 කින්.

මේ පරාජය ශ‍්‍රී ලංකා කණ්ඩායමක්  මව්බිමේ පැවති එක්දින තරගයක දී ලද විශාලතම පරාජයයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka