gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චීන හමුදාවට අයත් පාවෙන රෝහල් නෞකාවක්‌ කොළඹ වරායේ

චීන මහජන සමූහාණ්‌ඩු හමුදාවට අයත් දියමත පාවෙන රෝහල් නෞකාවක්‌ කොළඹ වරායට පැමිණ තිබේ.

"ආර්ක්‌ පීස්‌" (866) නමැති මම නෞකාව "හොස්‌පිටල් ෂිප් 866" නමින්ද
හැඳින්වෙන අතර, ආරම්භයේදී මෙය චීන නාවික හමුදාව මගින් වෛද්‍ය සේවා සඳහා භාවිතයට ගන්නා ලද්දකි. එකල මෙය ඕයිෂාන් ඩාඕ" ලෙස හඳුන්වා ඇත.

පසුව පාවෙන රෝහලක්‌ බවට පත්වූ මෙම නෞකාව 2008 වසරේදී අධිකාරියට පත්ව ලෝක සාම දූත මෙහෙවරට එක්‌කර ලොව පුරා වෛද්‍ය සේවා නොමිලයේ ලබාදෙමින් සංචාරය කරනු ලබයි.

මෙම වසරේ පළමු සාම දූත මෙහෙවර ලෙස ශ්‍රී ලංකාව හා චීන ජනරජය අතර මිත්‍රත්වය තහවුරු කරනු වස්‌ ප්‍රථම සංචාරය ලෙස මෙසේ කොළඹ වරායට පැමිණ ඇති අතර පසුගිය ඉරිදා (06දා) සිට 9 වැනි බදාදා දක්‌වා කොළඹ වරායේ රැඳී සිටින බව කොළඹ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.


ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින වසර ගණනාවක නාවික ඉතිහාසය සනිටුහන් කරමින් මෙසේ මෙම රෝහල් නෞකාව ශ්‍රී ලංකාවට සැපත්වූ බවද "ආර්ක්‌ පීස්‌" නෞකාව ශ්‍රී ලංකාවට ආ ගමනේදී ශ්‍රී ලංකාවේ හමුදා හා පොලිස්‌ නිලධාරීන්ට නොමිලයේ වෛද්‍යාධාර ලබාදීම දැන් සිදුකරන බවද පවසන චීන තානාපති කාර්යාලය පවසන්නේ එම සේවාවන් ශ්‍රී ලංකාවේ මහජනතාවටද ලබාදීමට කටයුතු කරන බවයි.

අනතුරුව 9 වැනිදා දිවයිනෙන් සමුගෙන තවත් රටවල් රාශියක්‌ කරා මෙම පාවෙන රෝහල සාම දූත මෙහෙවරට එක්‌වීමට නියමිතව ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka