gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයේදී ලංගම රියදුරෙකුත් කපා කොටා දමලා

යාපනය කරෙයිනගර් වටුක්කොටෙයි ප‍්‍රදේශයේ දී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ රියදුරෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පිරිසක් තියුණු ආයුධවලින් පහරදී පලාගොස් තිබෙනවා.

28 හැවිරිදි දේවේන්ද්‍රන් ලෝගේන්ද්‍රන්න මැති වටුක්කෝටෙයි ප‍්‍රදේශයේ
පදිංචි පුද්ගලයෙකු මෙලෙස පහරදීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ප‍්‍රතිකාර සඳහා ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

ඔහු කරෙයිනගර් ඩිපෝවට අනුයුත්තව සේවය කරන්නෙක්. සිය රාජකාරී නිමවා ආපසු නිවසට පැමිණෙමින් සිටියදී ඔහු මෙලෙස පහරකෑමට ලක්වුණා. මෙය ආවා කල්ලිය විසින් සිදු කළ ක‍්‍රියාවක්ද යන්න සෙවීමට විමර්ශන ක‍්‍රියාත්මකයි.

මේ අතර කිලිනොච්චි උට්ට‍්‍රපුලම් ප‍්‍රදේශයේ දී යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකුට ද ඊයේ කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් පහරදී තිබුණා. ඉන් නිලධාරීන් දෙදෙනාගේම වම් අතට බරපතල තුවාල සිදුව තිබූ බවයි කිලිනොච්චි රෝහලේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka