gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලාංකික මනස විකෘති කළ IS කාරයා හොයා ගනී

ISIS සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් facebook මඟින් සහ සමාජ ජාල ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ මනස විකෘති කරනු ලබා ඇති බව ඉන්දියාවේ “ප්‍රෙස් ට්‍රස්ට්” ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.

අබු යුසෆ් අල් හින්දි නමැති පුද්ගලයා විසින් ඉන්දීය මහාද්වීපයේ සිටින
පුද්ගලයන් ISIS සංවිධානය වෙනුවෙන් බඳවා ගැනීමේ නිරත වී ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇත.

කර්නාටකයේ උපත ලබා ඇති මෙම පුද්ගලයා IS සංවිධානයේ ගෝලීය ත්‍රස්ත සංවිධානයේ ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇති අතර, එහිදී තරුණයන් බඳවා ගැනීම කර ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද වාර්තා කර තිබේ.

ඉන්දියාව පුරා IS සංවිධානයට සහය පළ කරන්නන් පුහුණු කිරීමටත් ඔවුන් යොදාගෙන ත්‍රස්ත ප්‍රහාර ක්‍රියාත්මක කිරීමටත් එම පුද්ගලයා කටයුතු කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව ජුනි මාසයේදී නිවේදනයක්ද නිකුත් කර තිබිණි.

මෙම පුද්ගලයා සිරියාවේ රක්කා නගරයේ සටන් මෙහෙයවා ඇති අතර, එහිදීද මරාගෙන මැරෙන සොල්දාදුවන් පුහුණු කර ඇත. පසුගියදා ඇති වූ දරුණු ගැටුම්වලදී මරණයට පත්ව ඇති බවට සැක කරන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka