gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සියලුම පාසල් සිසුන්ට සාමූහික රක්‍ෂණාවරණයක්‌

සියලුම පාසල් සිසුන් සඳහා සාමූහික සෞඛ්‍ය රක්‍ෂණාවරණයක්‌ ලබාදීමට රජය තීරණය කර ඇත.

වයස අවුරුදු 05 සිට 19 දක්‌වා වයස්‌වල පසුවන මිලියන 4.5 ක්‌වූ මෙරට
පාසල් දරුවන් සියලුදෙනා වෙනුවෙන් රුපියල් 200000 ක්‌වූ වටිනා රක්‍ෂණාවරණය බැගින් මෙමගින් හිමිවෙයි.

යෝජිත මෙම රක්‍ෂණාවරණය මගින් බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 10000 ක්‌ හා රෝහල්ගතවීමකදී රුපියල් 100000 දක්‌වා ආවරණය සැලසෙනු ඇත. ඊට අමතරව පාසල් දරුවකුගේ හදිසි මරණයකදී දෙමාපියන්ට රුපියල් 100000 ක්‌ද සිය මවගේ හෝ පියාගේ හදිසි මරණයකදී පාසල් දරුවාට රුපියල් 75000 ක්‌ද පාසල් දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමකදී රුපියල් 100000 ක්‌ද අර්ධ ආබාධිත තත්ත්වයකදී රුපියල් 50000 සිට 100000 දක්‌වාද වන්දි ලබාගත හැකිවෙයි.

මේ අනුව අමාත්‍ය මණ්‌ඩල ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2348 ක වාර්ෂික වාරිකයකට යටත්ව ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව මගින් මෙම රක්‍ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබයි. 2017 රජයේ අයවැය මගින් මේ සඳහා රුපියල් මිලියන 2700 ක්‌ වෙන්කර ඇත. අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා මීට අදාළ කැබිනට්‌ පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka